මෙකාගොඩ්සිලාගෙ සහයට මොත්රා

සුබ දවසක් හැමෝටම, ඔන්න කලින් කිව්වා වගේම මං Godzilla Against Mechagodzilla (2002) ෆිල්ම් එකේ දෙවනි කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවා. ඒ තමයි Godzilla: Tokyo S.O.S. (2003). මේ ෆිල්ම් එක බලන්න අනිවාරෙන් Godzilla Against Mechagodzilla චිත්‍රපටය බලන්නම ඕනෙ, IMDb අගය 6.4ක් ද, Rotten Tomatoes අගය 80%ක් ද ලබාගන්න මේ ගොඩ්සිලා ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා.
කතාව පටන් ගන්නෙ, කලින් ෆිල්ම් එකේ සිදුවීම් වලින් අවුරුද්දකට පස්සෙයි. අන්තිමට වුණේ, කිරියු කොහොම හරි අකනේගෙ උදව්වෙන් ගොඩ්සිලාව ආපහු මුහුදට පන්නලා දානවා.කොහොමහරි කිරියුටත් ගොඩක් හානි වෙනවානෙ, දැන් ආයෙත් ජපන් රජය කිරියු ආයෙත් තිබ්බා වගේම හදල ගන්නවා. මේ අතරෙ තවත් කයිජු කෙනෙක් එනවා. ඒ සොබාදහමේ ආරක්ෂකයා ලෙස සැලකෙන Mothra (මොත්රා). මොත්‍රා එන්නෙ එයාගෙ කුඩා සුරංගනාවියන් (Shobijin) එක්ක. එයාල එන්නෙ, මිනිසුන්ට අනතුරු ඇඟවීමක් කරන්න.
ඒ, කලින් මැරුණු ගොඩ්සිලාගේ ඇටසැකිල්ල අරගෙන කිරියුව හදපු එක ස්වාභාවික පරිසර පද්ධතියට හා සොබාදහමේ නීතියට එරෙහි දෙයක් කියල, කිරියුව විනාශ කරල ආයෙත් මුහුදට දාන්න කියලා… ඒ වෙනුවට ගොඩ්සිලාගෙන් ජපානය ආරක්ෂා කරගන්න මොත්රා ඉදිරිපත් වෙනව කියල මිනිස්සුන්ට සුරොගනාවියො වෙන පොරොන්දු මත. එහෙම කළේ නැත්තම් මොත්‍රා ආයෙත් මිනිස්සුන්ට උදව් කරන්නෙ නැතිලු. ඒත් මිනිස්සුන්ට මේ අදහස ගැන එච්චර විශ්වාසයක් නෑ. මොකද තමන්ට ඇති එකම තාක්ෂණික ආරක්ෂාව කිරියු විතරයි.
දැන් ඔය ප්‍රශ්න අතරෙ ඔන්න හරියටම අවුරුද්දකට පස්සෙ ගොඩ්සිලා ආයෙත් ටෝකියෝව පැත්තෙන් මතුවෙනවා..
දැන් මොකද කරන්නෙ? කිරියුව අතහැරල සොබාදහම විස්වාස කරනවාද? මොත්‍රා මිනිස්සුන්ව ගොඩ්සිලාගෙන් බේරගනීවිද? ඒ ගැන දැන ගන්න ෆිල්ම් එක බලන්නම ඕනෙ.
කලින් ෆිල්ම් එකේ වගේම මේකෙත් CGI වගේම Suitmation තාක්ෂණය යොදාගෙන තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කිරියු නඩත්තු ඉංජිනේරුවෙක් වන යොෂිටෝ චූජෝ (Yoshito Chujo) වටා ගෙතෙනවා.
හරි ඉතින් ඔය ටික තමා ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ, ඔයාලත් ෆිල්ම් එක බලලා රසවිදින්න. අළුත් උපසිරැසියක් අරන් එනකම් සුබ දවසක් හැමෝටම…..

Comments