EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Golden Kamuy: Assault on Abashiri Prison (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kenji Katagiri
Cast
Go Full Cast Pageඅබාෂිරි හිරගෙදර සටන
අයිනු ජාතිකයින්ගේ හැංගුණු රත්තරන් තොගයක් හොයාගන්න විවිධ කණ්ඩායම් තුනක් අතරේ ලොකු සටනක් යන්නේ. මේ අතරේ අපේ ප්‍රධාන චරිත දෙක වෙන සුගිමොටෝ සහ අසිරීපා ‘නොපෙරා-බෝ’ ගේ ඇත්තම අනන්‍යතාවය හොයාගෙන අබාෂිරි කියන භයානක හිරගෙදරට ගමනක් පටන් අරන් තියෙන්නේ. අනිත් කණ්ඩායම් වලට කලින් මේ රහස දැනගන්න යන ගමනේදී එයාලට මුහුණ දෙන්න වෙන මාරාන්තික අභියෝග ටික මේ නිර්මාණයෙන් බලාගන්න ලැබෙයි.
සාමාන්‍යයෙන් ඇනිමෙ හරි මංගා හරි ලයිව්-ඇක්ෂන් (Live-Action) විදියට හැදුවම ගොඩක් අයට ඒක අල්ලලා යන්නේ නැහැනේ. හැබැයි Kenji Katagiri ගේ අධ්‍යක්ෂණයෙන් ආපු ‘Golden Kamuy’ චිත්‍රපට මාලාව ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන බව මුලින්ම කියන්නම ඕනේ. මේක ඒ ෆ්‍රැන්චයිස් එකේ අලුත්ම දිගහැරුම විදියට නෙට්ෆ්ලික්ස් හරහා අපිට දැකගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.
කතාවේ ප්‍රධාන හරය විදියට අපිට දකින්න ලැබෙන්නේ අයිනු රත්තරන් වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් දරන අසීමිත උත්සාහයයි. Kento Yamazaki සුගිමොටෝ විදියටත්, Anna Yamada අසිරීපා විදියටත් කරන රංගනය මෙහි සාර්ථකත්වයට කෙලින්ම බලපාලා තියෙනවා. අබාෂිරි කියන හිරගෙදර ඇතුළේ වෙන බිහිසුණු ගැටුම වගේම ඒ කාලේ තිබුණු ඓතිහාසික පසුබිම ඉතාමත් තාත්වික විදියට කැමරාවට අල්ලගන්න නිෂ්පාදක කණ්ඩායම සමත් වෙලා තියෙන හැඩයි.
ඔව්, ජපානයේ හොකයිඩෝ දූපතේ තියෙන මේක ඇත්තටම ජපානයේ තිබුණු දරුණුම අපරාධකාරයෝ දාපු හිරගෙදරක් විදියට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා.
මේ කතාවට කලින් ආපු පළවෙනි ලයිව්-ඇක්ෂන් ෆිල්ම් එකයි, ඊටපස්සේ ආපු ටීවී සීරීස් එකයි බැලුවොත් මේ අයගේ ගමනේ ආරම්භය පැහැදිලිවම තේරුම් ගන්න ඔයාලට ලේසි වෙයි.


