Good Bye, Lenin! (2003) | අම්මා වෙනුවෙන්…

ජර්මනියේ 1978 කාළ පරාසය තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. කතාවෙ ඉන්න ඇලෙක්ස් කියන්නෙ පොඩි කාළේ ඉඳන් ගගනගාමියෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඇලෙක්ස්ගේ අම්මා ගුරුවරියක් වගේම සමාජගේ ගැටළු වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න, ඒ වෙනුවෙන් සම්මාන ලබපු කෙනෙක්.

පවුලේ ඉන්නේ ඇලෙක්ස්, අම්මා සහ අක්කා. තාත්තා මේගොල්ලන්ව දාලා ගිහින්. ඉතින් මේ ඇලෙක්ස්ව රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර දී පොලීසියෙන් අත්අඩංගුව ගන්නවා. ඒක ඇලෙක්ස්ගේ අම්මා දකිනවා. ඊට පස්සේ එයාට හෘදයාබාධයක් ඇවිත් කෝමා තත්ත්වයකට පත්වෙනවා. ඉතින් එයාට සිහිය එන්නේ මාස අටකට පස්සේ. මේ එයාට සිහි නැතිවෙලා ඉන්න කාලේ රටේ ගොඩක් ලොකු වෙනස්කම් වෙනවා. ඉතින් ඩොක්ටර්ලා ඇලෙක්ස්ට කියන්නේ

මේ වෙනස්කම් අම්මා එකපාර දැනගත්තොත් එයාගේ ජිවිතේට හානි වෙන මට්ටමේ ලොකු බලපෑම් එයාගේ සෞඛ්‍යට ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ඇලෙක්ස් තමන්ගේ අක්කයි යාළුවොයි එක්ක එකතුවෙලා අම්මට මේ දේවල් ආරන්චි වෙන්නේ නැතිවෙන්න සෑහෙන්න දේවල් කරන්න පටන් ගන්නවා. ඒ දේවල් මොනවද අම්මව බේර ගන්න ඇලෙක්ස්ට පුළුවන් වෙයිද? ඇලෙක්ස්ගෙ තාත්තා කොහෙද? තාත්තට මොකද වුණේ? රටේ වෙන වෙනස්කම් මොනව වගේ දේවල් බලගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ආදරය, සෙනෙහස, හාස්‍යය කියන හැමදේම මේ ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් ෆිම්ල් එක බලලා රසවිඳින්නා කියලා ඔයාට ආරාධනා කරනවා.

Comments