EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මනුෂ්‍යත්වයේ අන්තිම අවස්ථාව

අද මං ඔයාලට අරගෙන ආවේ ගොඩක් දෙනෙක් පුල පුලා බලාගෙන හිටපු චිත්‍රපටියක උපසිරැසියක්. ඒ තමයි 2020 අවුරුද්දේ නිකුත් වෙලා සුපිරි හිට් එකක් වුණු Greenland චිත්‍රපටියේ දෙවැනි කොටස, Greenland: Migration.

Action/Thriller/Survival කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ පළමු චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Ric Roman Waugh විසින්මයි. සුපුරුදු පරිදි සුපිරි නළු Gerard Butler සහ Morena Baccarin ජෝන් සහ ඇලිසන් ලෙස ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, පළවෙනි ෆිල්ම් එක ඉවර වෙද්දි ගැරිටි පවුල ග්‍රීන්ලන්ඩ් බංකරේට යන්න සමත් වුණානේ. ඉතින් මේ ෆිල්ම් එක පටන් ගන්නේ එතන ඉඳන් අවුරුදු 5කට පස්සේ. බංකරයෙන් එළියට එන ඔවුන්ට දකින්න ලැබෙන්නේ විනාශ වුණු ලෝකයක්. විකිරණ අවදානම, දරුණු කාලගුණය සහ විවිධ මිනිස් කණ්ඩායම් වල තර්ජන මැද, යුරෝපය හරහා ‘ආවාටය’ (The Crater) නම් අලුත් ආරක්ෂිත ප්‍රදේශයක් හොයාගෙන යන ත්‍රාසජනක ගමනක් තමයි මේකෙ තියෙන්නේ. පළවෙනි එක වගේම පවුලේ බැඳීම සහ ජීවිතය වෙනුවෙන් කරන සටන උපරිමයෙන්ම මේකෙත් බලාගන්න පුළුවන්.

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ.

Comments

February 1, 2026

Palweni film eka meke na neda

March 22, 2026

Me movie eke 1st movie එකත් site එකට දාන්නකෝ ඒක නෑනෙ site eke 😪😪🙏

March 28, 2026

Film eka nm supiriak .Meke palaveni film ekath thibbanm maru