Cast
Go Full Cast Pageගුරාම් පාපි රෙඩ්ඩිගේ වැඩකිඩ
ඔන්න අද අපි අරගෙන ආවේ 2025 අවුරුද්දේ තෙළිඟු සිනමාවෙන් එළියට ආපු තවත් අලුත්ම චිත්‍රපටයක්. නම දැක්කම ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක් කියලා තේරෙනවනේ. Action සහ Comedy පැත්තට බරවුණු, කාටත් විනෝදයෙන් බලන්න පුළුවන් “Mass Entertainer” වර්ගයේ නිර්මාණයක් තමයි මේක. මේ චිත්‍රපටයේ නම වගේම, ප්‍රධාන චරිතය වන “පාපි රෙඩ්ඩි” ගේ චරිතයත් හරිම සුවිශේෂී විදිහට නිර්මාණය කරලා තියෙනවා. ගම්බද පසුබිමක ගෙවෙන කතාවක් වුණාට, කුතුහලය සහ විනෝදය අඩුවක් නැතුව මේකෙ බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින තෙළිඟු මසාලා චිත්‍රපටවල තියෙන ඇක්ෂන් සහ දෙබස් වලට ආස කරන අයට මේක හොඳ තේරීමක් වේවි. ලොකු කතාවක් කියන්න යන්නෙ නෑ, මොකද මේ වගේ චිත්‍රපට බලලම තමයි රසවිඳින්න ඕන. එහෙනම් පාපි රෙඩ්ඩිගේ මේ අමුතු වැඩ ටික බලාගන්න හැමෝටම ආරාධනා කරනවා.
Share
Links
Comments
April 28, 2026



