Cast
Go Full Cast Pageඅතීත මතකයක සිරවූ ආදරය, යලි උපදීද?....
පළමු ආදරයේ නැවතුනාට පස්සේ හිතට දැනෙන පීඩනය සහ ජීවිතේට ලැබෙන අලුත් බලාපොරොත්තුවකින් හිත සුවපත් වෙන විදිහ ගැන කියවෙන සංවේදී දමිළ චිත්‍රපටයක් තමයි Haiku (2026). යුවරාජ් චින්නසාමි අධ්‍යක්ෂණය කරපු මේ ලස්සන ප්‍රේම වෘත්තාන්තය, නොවැම්බර් 20 වෙනිදා ඉඳන් Netflix හරහා නරඹන්න දැන් අවස්ථාව තියෙනවා.
ඒගන් ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටයෙන්, ශ්‍රීදේවි අපල්ලා සහ ෆෙමිනා ජෝර්ජ් දෙදෙනාම දමිළ සිනමාවට පිවිසීමත් විශේෂත්වයක්. තාරුණ්‍යයේ ආදරය, විරහව සහ අතීත මතකයන් එක්ක ගෙවෙන ජීවිතේ සංකීර්ණ තැන් හරිම තාත්වික විදිහට ඔවුන්ගේ රංගනයෙන් නිරූපණය වෙනවා.
ඒ වගේම සිද්ධු කුමාර්ගේ සංගීතය, විශේෂයෙන්ම අර්මාන් මලික් ගායනා කරන “Karuvizhi” ගීතය චිත්‍රපටයේ හැඟීම්බර බව තවත් වැඩි කරනවා. ආත්ම ගරුත්වය සහ සැබෑ ආදරය ගැන ගැඹුරින් කතා කරන නිසාම, බලන ඕනෑම කෙනෙක්ගේ හිතට තදින්ම දැනෙන විදිහට මේ නිර්මාණය ගොඩනගලා තියෙනවා.
දමිළ මුල් පිටපතට අමතරව හින්දි, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ භාෂාවලින් හඬකවපු පිටපත් පවා Netflix එකේ තියෙනවා. නිදහසේ බලන්න පුළුවන් ලස්සන, හැඟීම්බර ආදර කතාවක් හොයන අයට Haiku කියන්නේ මඟහැරගන්න හොඳ නැති චිත්‍රපටයක්! 🎬✨


