අභිරහස් ඝාතනය

ඡන්දයක් කිට්ටුවදී ජේ.සී. ධර්මේන්ද්‍ර රෙඩ්ඩි කියන බලවත් දේශපාලනඥයාව ඔහුගේ ගෙදරදීම අමානුෂික ලෙස මරා දැමීමත් එක්කයි කතාව පටන් ගන්නේ. මේ ඝාතනය පිටිපස්සේ තියෙන ඇත්ත සෙවීම භාරවෙන්නේ සුධා කියන දක්ෂ පොලිස් නිලධාරිනියටයි. දේශපාලන බලපෑම්, බොරු සාක්ෂි සහ හැංගුණු රහස් පිරුණු පද්ධතියක් අස්සේ ඇත්තම අපරාධකාරයන්ව හොයාගෙන යන අභියෝගාත්මක ගමන කතාව පුරාම කුතුහලයෙන් දිගහැරෙනවා.
Srividya Basawa අධ්‍යක්ෂණය කළ, Dhanya Balakrishna, Pooja Ramachandran සහ Ravi Varma ප්‍රධාන චරිත රඟපාන මේ 2025 ජනවාරි 24 වෙනිදා නිකුත් වූ තෙලුගු Crime, Drama, Thriller චිත්‍රපටය Rakshana ලෙස හැඳින්වෙනවා. බලය වෙනුවෙන් කෙරෙන දේශපාලන කුමන්ත්‍රණ සහ අපරාධ එළිදරව් කරන, මුල සිට අගටම කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් පට්ට ත්‍රිලර් ෆිල්ම් එකක්.

Comments