Cast
Go Full Cast Pageමට මතක ඔයාව විතරයි
CINESUBZ වෙත සාදරයෙන් පිළිගන්නවා!* අද මම අරන් ආවේ *2026 ජුනි 26* රිලීස් කරපු *Heartin* දෙමළ ආදර නාට්‍යයට උපසිරැසියක් ඉතින් වැඩි කතා නැතුව මේකේ මොකද වෙන්නේ කියලා බලමු කිෂෝර් කුමාර් අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් එන *Heartin* අද Gen Z පරම්පරාව ඉලක්ක කරලා හැදෙන ආදර කතාවක්. ප්‍රධාන චරිත වලට *සනත් රෙඩ්ඩි* සහ *මඩෝනා සෙබස්තියන්* එක්ක *ඉමයා*ත් එකතු වෙනවා. සංගීතය *රජේෂ් මුරුගසන්* ගේ. Trident Arts වෙතින් සිදුවන නිෂ්පාදනයක් විදියටයි මේක එළියට එන්නේ.
*Heartin කතාව මොකක්ද?* කතාවේ ප්‍රධාන චරිතය වෙන ශිවා උතුරු ඉන්දියාවේ දෙමළ කෑම හෝටලයක් කරනවා. අහම්බෙන් හමුවෙන සාධනා මේ ශිවාට ආදරේ කරන්න පටන් අරගෙන ඒ වග ශිවාට කියනවා ඒත් සශිවා ආදරේට බය වෙනවා. ඒ ඇයි කියලා ඔහු කියන්නේ තමන්ගේ කැම්පස් කාලේ කතාවක් පටන් අරගෙනයි
*සාහිත්‍යා* එක්ක ශිවා අවුරුදු 3ක් ආදරේ කරලා තියෙනවා. කැම්පස් ඉවර වෙලා “මේ ආදරේ තමන්ට හරියන්නේ නැහැ” කියලා සාහිත්‍යා දවස් 10කට ගම වුණ ඌටීවලට යනවා. දවස් 10ක් කතා නැතුව හිටපු නිසා ශිවා තම යාළුවා වුණ මනී එක්ක උටි වලට සාහිත්‍යාව හම්බ වෙන්න යනවා……..
ස්ශිවා කතාව සාදනට කියලා ඉවර වෙන්නත් එක්කම සාදනටත් ස්නශිවා ආදරයක් ඇති වෙනවා. ඒක විවාහය දක්වාම යනවා. හරියටම ඒ වෙලාවේ ශිවාට වෙන ලොකු අනතුරක් නිසා ඔහුගේ මතකය නැති වෙලා, සාහිත්‍යා එක්ක break up කරපු කලින් දවසට යනවා. “මම තාමත් සාහිත්‍යාට ආදරෙයි, සාදනා කවුද මට මතක නැහැ” කියනකොට ඉතිරි කතාව මොකද වෙන්නේ? ආදරේ, විශ්වාසය සහ චිත්තමය පරිණතභාවය මේකෙන් පරීක්ෂාවට ලක් වෙනවා.
සනත් හෙවත් ශිවා විදියට ආදරේ පැරදිලා ඉන්න තද ගතිය, සාදනා එක්ක මුලින් ප්‍රතිචාර නොදීලා පස්සේ වෙනස් වෙන විදිය, මතකය නැති වෙලා කරන වැඩ ඔක්කොම සුපිරි. සාදනා විදියට *ඉමයා* ගොඩක් හොඳ රංගනයක් දෙනවා. *මඩෝනා හෙවත් සාහිත්‍යාත් මුලින් ටිකක් ඈත් උනාට පස්සේ කතාවත් එක්ක හොඳටම එකතු වෙනවා.
පළවෙනි භාගය ශිවා-සාදනා, ශිවා-සාහිත්‍යා කියලා engaging විදියට යනවා. Interval එකේ අනතුරෙන් මතකය මකලා කැම්පස් කාලෙට ගෙනියන twist එක අධ්‍යක්ෂකගේ බුද්ධිය. දෙවෙනි භාගයේ අනතුර, මතක නැති එකත් එක්ක අඬවයි කියලා බැලුවත්, සාහිත්‍යාව බලන්න යන තැන ඉඳන් සෙමින් විනෝදජනක විදියට ගෙනියන එක ආකර්ෂණීයයි. ඒත් එක තැනකම වටේ යනවා වගේ දැනෙන තැනුත් තියෙනවා. Technical පැත්ත 10/10. Jaipur, Ooty දර්ශන ඔක්කොම ගොඩක් ලස්සනයි. ඒ එක්කම ෆිල්ම් එකම *musical treat* එකක්. රජේෂ් මුරුගසන් ගේ සංගීතය හිතට වදිනවා.
ඉතින් ඔයත් මේ ෆිල්ම් එක බලලා මේකේ කාගේ side එකේද ඉන්නේ කියලා?*සාහිත්‍යාගේද? සාධනාගේද?* Comment එකකින් කියාගෙන යන්න 👇❤️




