EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Highlander: The Final Dimension (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Andrew Morahan
Cast
Go Full Cast Pageමායාවියාගේ ආගමනය සහ අමරණීය සටනේ මීළඟ පරිච්ඡේදය! (18+)
කොහොමද යාලුවනේ, ඔන්න මම අරගෙන ආවේ Highlander සිනමා මාලාවේ තුන්වැනි දිගුව. ඒ තමයි 1994 අවුරුද්දේ තිරගත වුණු “Highlander III: The Sorcerer”. මෙය Highlander: The Final Dimension විදියටත් හඳුන්වනවා).
මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි, මේකෙ කතාව ඔයාලා කලින් බලපු දෙවැනි ෆිල්ම් එකට (Highlander II: The Quickening) කිසිම සම්බන්ධයක් නැති වීම. දෙවැනි චිත්‍රපටයේ අනාගත කතාවට ප්‍රේක්ෂකයින්ගෙන් ලොකු කැමැත්තක් නොලැබුණු නිසා, නිර්මාණකරුවන් තීරණය කළා දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම අමතක කරලා, පළමු චිත්‍රපටයේ (1986) කතාවේ කෙළින්ම දිගුවක් විදියට මේ තුන්වැනි චිත්‍රපටය නිර්මාණය කරන්න. ඒ නිසා දෙවැනි එකේ සිදුවීම් ගැන වද වෙන්නේ නැතුව, පළමු චිත්‍රපටයේ ඉඳන් කෙළින්ම මේකට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්.
කතාව ගැන ස්පොයිල් කිරීමක් නැතුව සරලව කිව්වොත්; පළමු චිත්‍රපටයේදී දරුණු ‘කර්ගන්’ව පරාජය කරලා අමරණීය සටනෙන් ජයගත්තාට පස්සේ, කොනර් මැක්ලවුඩ් (Connor MacLeod) හිතන්නේ තමන් තමයි ලෝකයේ ඉතුරු වුණු අවසාන අමරණීය සටන්කරුවා කියලා. ඒ නිසා ඔහු සටන් අතහැරලා, පුතෙක්වත් හදාගෙන සාමකාමී ජීවිතයක් ගත කරනවා.
හැබැයි ඔහු දන්නේ නැහැ, මීට සියවස් ගණනාවකට කලින් 16 වැනි සියවසේ ජපානයේදී කේන් (Kane) කියන අතිශය දරුණු සහ මායා බලයන් තියෙන අමරණීය සටන්කරුවෙක්ව සහ ඔහුගේ ගෝලයන්ව බලගතු මායාවියෙකු විසින් භූගත ගුහාවක සිර කරලා තියෙනවා කියලා. වර්තමානයේදී සිදුවෙන පුරාවිද්‍යා කැණීමක් නිසා මේ ගුහාව අත්වැරදීමකින් විවෘත වෙලා, කේන් ඇතුළු පිරිසට නිදහස ලැබෙනවා. නිදහස් වුණු ගමන්ම කේන් කොනර්ව හොයාගෙන එන්නේ තමන්ගේ පළිය ගන්න වගේම අමරණීයයන්ගේ අවසාන බලය (The Prize) ලබාගන්න. දැන් තමන්ගේ පුතාව සහ ලෝකය බේරාගන්න නම් කොනර්ට නැවතත් තමන්ගේ කඩුව අතට ගන්නම සිද්ධ වෙනවා.
සුපුරුදු පරිදි ක්‍රිස්ටෝෆර් ලැම්බර්ට් (Christopher Lambert) මෙහි ප්‍රධාන චරිතය වන කොනර්ට පණ පොවන අතර, ප්‍රධාන දුෂ්ටයා විදියට මාරියෝ වැන් පීබල්ස් (Mario Van Peebles) විශිෂ්ට රංගනයක නිරත වෙනවා. කඩුවෙන් කරන සටන් ජවනිකා, මායා බලයන් සහ 90 දශකයේ ක්‍රියාදාම එක්ක පිරුණු සුපිරි චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
එහෙනම් මේ ෆිල්ම් එකත් අරගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. Highlander මාලාවේ මීළඟ චිත්‍රපටයෙන් අපි ඉක්මනින්ම හමුවෙමු!











