EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අමරණීයත්වයේ මූලාශ්‍රය සොයා යාම!

1986 වසරේදී ආරම්භ වුණු Highlander සිනමා මාලාව ලෝක සිනමාවේ සුවිශේෂී සලකුණක් තැබූ නිර්මාණයක්. මෙහි ප්‍රධාන තේමාව වෙන්නේ “අමරණීයයන්” (Immortals). ඔවුන් සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වන අතර, ඔවුන්ව මරා දැමිය හැක්කේ හිස ගසා දැමීමෙන් පමණයි. “අවසානයේ ඉතිරි විය හැක්කේ එක් අයෙකු පමණි” (There can be only one) යන පාඨය වටා ගෙතුණු මේ කතාවල, අමරණීයයන් එකිනෙකා සමඟ සටන් කරමින් අවසාන ජයග්‍රාහකයාට හිමිවන “තෑග්ග” (The Prize) ලබා ගැනීමට උත්සාහ කරනවා.
Highlander: The Source (2007) කතාව (Spoiler Free):
මේ චිත්‍රපටය ආවේ TV MOVIE එකක් ලෙසයි. නමුත් ලොකු බජට් එකකින් නිර්මාණය වෙලා තියෙන හින්දා ගුනාත්මකබාවය හොඳයි. මෙම චිත්‍රපටයෙන් අපව රැගෙන යන්නේ අනාගතයකටයි. ලෝකය අවුල් සහගත තත්ත්වයක පවතින කාලයක, ඩන්කන් මැක්ලවුඩ් (Duncan MacLeod) ඇතුළු අමරණීයයන් කණ්ඩායමක් තමන්ගේ පැවැත්මේ රහස සොයා යනවා. ඒ තමයි අමරණීයත්වයේ මූලාශ්‍රය හෙවත් “The Source”.
නමුත් මේ ගමන එතරම් පහසු වෙන්නේ නැහැ. ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ “The Guardian” නමැති අතිශය වේගවත් සහ භයානක සතුරෙකුටයි. මූලාශ්‍රය ආරක්ෂා කරන මේ රකුසාගෙන් බේරී, තමන්ගේ අමරණීයත්වයේ සැබෑ අරුත සොයා ගැනීමට මැක්ලවුඩ් ඇතුළු පිරිසට හැකි වෙයිද? මෙය Highlander රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන වෙනස්ම ආකාරයක කතාවක්.
Highlander සිනමා මාලාව මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව, ඉදිරියේදී Highlander සිනමා මාලාව නව මුහුණුවරකින් (Reboot) නැවතත් නිර්මාණය වීමට නියමිතයි. එම චිත්‍රපටය නිකුත් වූ වහාම එයටත් උපසිරැසි ලබා දීමේ බලාපොරොත්තුව මා තුළ තිබෙනවා.
Highlander සිනමා මාලාවේ අඩුව පිරවීමට මම කළ මේ උත්සාහය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
Highlander සිනමා එකතුව දැන් සම්පූර්ණයි:

Comments