EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hit Man (2023) | ඔහු මිනීමරුවෙක්ද?

 

2024 ජූනි 7 නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ මේ චිත්‍රපටය IMDB දශකයේ 7.0 ක අගයක් ගත් බෙහෙවින් කතා බහට ලක් වූ චිත්‍රපටයක්. romantic black comedy ශානරය යටතට වැටෙන මේ චිත්‍රපටය ගැරී ජොන්සන් නම් පුද්ගලයාගේ ජීවිත කතාව අලලා ප්‍රබන්ධ කරන ලද්දක්. මුලින් වියට්නාම යුධ භටයෙක් ලෙසද පසුව ගුරුවරයෙකු ලෙසද රැකියාවේ නියුතු මොහු ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත රහස් ඒජන්තයෙකු ලෙසත් අමතර රැකියාවකද නිරත වෙන අතර පක්ෂීන්ට ආදරය කරන බෞද්ධයෙක් ලෙසත් හඳුන්වා දෙනවා.1947 ඉපිද 2022 මිය යන මේ පුද්ගලයා පොලිස් ඒජන්තයෙකු (undercover agent) ලෙස සේවය කිරීමෙ අවධිය මෙයට පාදක වෙනවා.

Hitman අපි ඝාතකයා ලෙස හඳුන්වමු. නොඑසේනම් කුලී මිනීමරුවා කියල හඳුන්වන්නත් පුළුවන්. ඔබේ ආදරය වෛරයකට පෙරළුනු තැන. නොඑසේ නම් ඔබේ සහායකයෙකු, අසල්වාසියෙකුගෙන් ඔබට කරදර නම්, සිය සේවා ස්ථානයේ උසස් වීම් වලට හෝ රාජකාරියට කෙනෙකු හරස් වන්නේ නම් කොටින්ම ඕනෑ කාර්‍යයකට එකම විසඳුම අදාළ පුද්ගලයා ඉවත් කිරීම නම් ඔබට ඝාතකයෙක් කුලියට ගන්න පුළුවන්. හිට්මෑන් කතා රාශියක් ඔබ සිනමාවේ දැක ඇති. මේ හිට්මෑන් අමුතුම එකෙක්.මුලින් කතා කලේ රහස් ඒජන්තයෙක් ගැනනේ. දැන් එතකොට මේකෙ එසේ කුලියට මිනී මරන ඝාතකයා කවුද ඔහුට කුමක් වෙයිද?.spoil කරන එක මගේ රාජකාරිය නෙමෙයි. එහෙත් චරිත දෙකක් අතර හිරවෙන එක් පුද්ගලයෙක් මෙන්ම ඔහු සමග ගනුදෙනු කරන අපූරු චරිත රාශියක් මෙහි අඩංගුයි.

Richard Linklater අධ්‍යක්ශනය කරන ලද මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Glen Powell, Adria Arjona සහ Austin Amelio .එහෙනම් බලන්න.

Comments