EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageප්‍රේමය සහ විශ්වාසය
‘HOT MILK’ කියන්නේ 2025 අවුරුද්දේ නිකුත් වුණු Drama සහ Mystery කියන ශානරයන්ට අයත්, පැයකුත් මිනිත්තු දෙතිසක ධාවන කාලයක් හිමි, IMDb 5.6 ක අගයක් ලබාගත්තු, Rebecca Lenkiericz අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් සිනමාපටයක්.
කතාව මෙහෙමයි, සොෆියා කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් තමන්ගේ වයසක, ආබාධිත අම්මා රෝස් එක්ක ජීවත් වෙන.. රෝස් කියන්නේ අස්ථි ආබාධ හේතුවෙන් ඇවිදගන්න බැරුව එක්තැන් වෙලා ඉන්න කාන්තාවක්.. මේ දෙන්නා විතරයි ඉන්නේ පවුලේ.. සොෆියා ගේ තාත්තා දෙවියන් හොයාගෙන පුරාණ ග්‍රීසියට පියමං කරලා.. සොෆියා සහ රෝස් එකතුවෙලා ස්පාඤ්ඤයට යනවා එහේ වෛද්‍යවරයෙක් මුණගැහිලා අදාළ බේත් හේත් කරගන්න… මෙහෙදි තමන්ගේ අම්මා එක්ක වෛද්‍යවරයා හම්බෙන්න ගියාම රෝස් ගේ වගේම සොෆියාගේ ජීවිත වල යම්කිසි වෙනත් පැතිකඩක් දිගහැරෙන්න ගන්නවා… ඒ වගේම සොෆියා මේ කාලය අතරතුර තමන්ගේ ජීවිතේට අර්ථයක් සොයමින් යම්කිසි ප්‍රේමයක වෙළෙන්න උත්සාහ ගන්නවා.. මෙතනදි මෙයාට හම්බෙන්නේ ඉන්ග්‍රීඩ් කියලා එක්තරා කාන්තාවක්.. ආදරයට එහා යන මේ අසම්මත පෙම් කතාවේ එක් පරිච්ඡේදයකදී සොෆියාට ඉන්ග්‍රීඩ් කියනවා අතීතයේ තමන් අතින් වුණු යම්කිසි ඛේදවාචකයක් ගැන… සොෆියට තේරෙනවා මේ අතරෙදි තමන්ගේ මවගේ අතීතෙයි මේ තමන්ගේ ප්‍රේමවන්තියගේ අතීතෙයි යම් සමානකමක්… මේත් එක්කම කරුණු වැටහෙන සොෆියා හිතනවා තමන්ගේ අම්මා ආබාධ පිට දා කරන්න ව්‍යාජ මවාපෑමක්ද කියලා.. කොහොමහරි සොෆියා අන්තිමට තීරණේ කරනවා ඇත්ත නැත්ත මරණය අභියසදී එළියට ඒවි කියලා.. මෙයා ගන්න තීරණේ මොකක් වේවිද?











