Cast
Go Full Cast Pageසූදු ලෝකයේ රජුට වැරදුණු තැන!
I am Game මලයාලම් චිත්‍රපටය වසරේ වඩාත්ම බලාපොරොත්තු සහගත සහ දැවැන්තම සිනමා නිර්මාණයක් වන අතර, ක්‍රියාදාම, අපරාධ සහ ත්‍රාසජනක (Action, Crime, Thriller) වර්ගී කරනයට අයත් මෙය තවමත් තිරගත වෙනවා.
මෙම අතිවිශිෂ්ට සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ මීට පෙර ආදායම් වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ RDX චිත්‍රපටය අප වෙත දායාද කළ සුපිරි අධ්යක්ෂ Nahas Hidhayath විසින්. මෙහි තිර රචනය Nahas Hidhayath සමඟ Sajeer Baba, Ismail Aboobacker සහ Bilal Moidu එක්ව සිදුකර ඇති අතර, මෙහි ප්‍රධාන චරිතය සඳහා මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Dulquer Salmaan විසින් පණ පොවනවා. ඔහු Kurup, Sita Ramam සහ King of Kotha වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පියෙක්. මීට අමතරව ආර්.ඩී.එක්ස් චිත්‍රපටයේ ජනප්‍රිය තරුවක් වූ Antony Varghese, ප්‍රකට දෙමළ අධ්යක්ෂ සහ රංගන ශිල්පී Mysskin, ජනප්‍රිය නිළි Kayadu Lohar මෙන්ම Samyuktha Viswanathan, Kathir සහ Vinay Forrt වැනි දක්ෂ නළු නිළියන් රැසක් මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
මෙහි කථා පුවත ගෙතෙන්නේ ඩෑන් ජෝන් නැමති කිසිම දේකට බියක් නොදක්වන, සූදුවට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකු වටායි. ජීවිතයට වඩා වාසනාව සහ තමන්ගේ ගණිතමය ඇල්ගොරිතම කෙරෙහි විශ්වාසය තබන ඩෑන්, ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ලෝකයේ ඉහළටම යන්නේ කිසිවෙකුට ඔහු පරාජය කළ නොහැකි බව පෙන්වමින්. නමුත්, එක්තරා දිනක ඔහු බලාපොරොත්තු නොවන ආකාරයේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දීමට සිදුවන අතර, ඔහු සකස් කළ පද්ධතියම ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. මේ නිසා ඔහුගේ මුළු ජීවිතයම උඩුයටිකුරු වී, ප්‍රබල ව්‍යාපාරිකයින් සහ පාතාල කල්ලි සමඟ මාරාන්තික ගැටුමකට මැදිවන ඔහුට තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා දැවැන්ත සටනක නිරත වීමට සිදුවන ආකාරය චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.
ත්‍රාසය, භීතිය සහ කුතුහලය පිරුණු සිනමා අත්දැකීමක් විඳගන්න වගේම Dulquer Salmaan ගේ අතිවිශිෂ්ට Mass රංගනය නරඹන්න කැමති ඉතින් හදිසිකාරයන්ට අප ආරාධනා කරනවා. සිංහල උපසිරැසි සහිත වීඩියෝව දැන්ම cinesubz.lk වෙබ් අඩවියෙන් නරඹන්න හෝ ඉතා පහසුවෙන් බාගත කරගන්න කියා අප ඔබට ආදරයෙන් මතක් කර සිටිනවා.











