Into the Wild (2007) | ඇලැස්කාව බලා

 

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ අත්පොත වගේ තමයි මේක. කවුරුත් සබ් එකක් කරලා නැතුව තිබුන එක මගේ වාසනවක් ද මන්ද. එච්චරට මේ ෆිල්ම් එක මගේ ජිවිතේ වගේ. කොහොමහරි මේක IMDB list එකේ #167 ට තියෙන ෆිල්ම් එකයි. මේක ඔස්කා සම්මාන 2ටත් යෝජනා වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට Christopher McCandless කියන පුද්ගලයාගේ ඇත්ත ජිවීත කතාව තමයි පාදක වෙලා තියෙන්නේ. ෆිල්ම් එකේ චරිතෙට නම් පණ පොවන්නේ Emile Hirsch.

ක්‍රිස් කියන්නේ ගොඩක් පරිසරයට ආදරය කරපු කෙනෙක්, කොච්චර ආදරය කලාද කිව්වොත් ගෙදර, මිල මුදල්, අම්මා තාත්තා පාවා දාල තමයි පොර මේ ගමන යන්නේ. මේ ගමන වැටිලා තියුනේ ඇලැස්කාව දක්වායි. ඉතින් මේ ගමනෙදි ක්‍රිස්ට ගොඩාක් මිනිස්සු හම්බෙනවා. ඒ මිනිස්සුන්ට ක්‍රිස් ගොඩක් පොරොන්දු, ජිවිතේට බලාපොරොත්තු දීලයි මේ ගමන එන්නේ. ක්‍රිස්ට හැමෝම ආදරේ කලා. ක්‍රිස් මේ ගමන යද්දි, එයාගේ ගෙදර පැත්තෙන් කතාව කියන්නේ ක්‍රිස්ගේම ආදරණීය නංගියි. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් දායකත්වය ලබා දීල තියෙන්නෙත් මේ Carine McCandless කියන ක්‍රිස්ගේ නංගිමයි. ඇය පසු කලෙක මේ කතාවේම කොටසක් විදියට “The Wild Truth” පොත එලි දැක්වුවා.

ඉතින් ෆිල්ම් එක බලලාම ක්‍රිස් ඇලැස්කා ගියාද? ක්‍රිස්ට මොකද වුනේ? කියලා බලලා. ඉතුරු කතා ගැනත් හොයලා බලන්න.

Comments