සාපය..

ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
​මේ කතාව ගෙවෙන්නේ කොන්කන් ප්‍රදේශයේ ගමක. ප්‍රධාන චරිතය තමයි රාධා. එයා තමන්ගේ පොඩි දුව එක්ක තමන්ගේ පරණ පවුලේ ගෙදරට යනවා, ඒ ගෙදර කඩලා දාන්න කලින් අන්තිම වතාවට බලලා එන්න. ​එතනදි රාධාට හම්බවෙනවා හරිම බය හිතෙන විදියේ පරණ බෝනික්කෙක්. ඒක හොයාගත්තට පස්සේ රාධා හරිම අමුතු, බය හිතෙන විදියේ හැසිරීම් පෙන්වන්න පටන් ගන්නවා. ​පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ, මේ ගෙදර කලින් හිටපු කෙනෙක් රාධාලාගේ පවුලේ අයත් එක්ක තිබ්බ තරහකට රාධාව පොඩි කාලේදී මන්ත්‍ර ගුරුකම් කරලා සාපයක් කරලා තියෙනවා කියලා. ඒ සාපේ නිසා රාධා ලොකු මානසික පීඩනයකට ලක්වෙනවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..රාධාට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ ?? එයාට මේ සාපෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද ?? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක අරන් බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments

August 6, 2026

Supiri puluwannam Kerosene (2022) Telugu film ekatath sub denna