Jungle Cruise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jaume Collet-Serra
Year:2021
Subtitle By: සචින්ත කල්හාර බෙනට් (Baiscope.lk)
Country: United States, Hungary, Canada, Australia
Cast
Go Full Cast Pageකැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…!
කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ අලුත්ම චිත්‍රපටය අරගෙන ආවා. නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ටිකේ පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් මෙදා පාරත් Walt Disney විසින් අපිට ලබා දුන්නා.
ජූලි මාසේ කියන්නෙ චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට නම් හොඳ මාසයක්නේ. මොකද කොවිඩ් 19 එක්ක සිනමාව අඩාල වෙලා තිබුණු කාලය පසු කිරීමේ අදහසින් දැවැන්ත නිර්මාණ ගණනාවක් පසුගිය මාසේ රිලීස් කරන්න හොලිවුඩයේ දැවැන්ත ස්ටුඩියෝ කිහිපයක් කටයුතු කළා. මේ වැඩේ ලොකුවටම කරගෙන ගියේ Warner Bros. සහ Walt Disney ආයතන දෙකයි. ඉතිං ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වියදම් කරන මේ චිත්‍රපට ලොකු අවදානමක් එක්ක රිලීස් කරන එක නම් අගය කරන්නම ඕන දෙයක්. කොහොම හරි තමගේ ස්ට්‍රීමින් සර්විස්වලත් සිනමාශාලාවලට මුදාහරින දිනයේම රිලීස් කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවනේ. මේ වැඩේට යම් තාක් දුරකට නිශ්පාදකවරුන් වගේම රංගන ශිල්පීනුත් අකැමැති බව තමා දකින්න තියෙන්නේ. ඒ කොහොම වුනත් ඩිස්නිලගේ අති දැවැන්ත චිත්‍රපටයක් වන අද අරන් එන මේ Jungle Cruise කියන්නෙත් ලොකු අවදානමක් එක්ක රිලීස් වුන චිත්‍රපටයක්.
ජූලි මාසෙ අවසන් සිකුරාදා දිනයේ නැත්තන් ජූලි 30 වෙනිදා තමයි මේ සිනමාපටය සිනමාශාලාවලට සහ Disney+ වෙත රිලීස් වුනේ. මේ ෆිල්ම් එකට ලොකු හයිප් එකක් හැදුනා, මොකද මේ චිත්‍රපටයට හුඟ කාලෙකට පස්සේ Dwayne Johnson aka. Rock එකතු වෙනවා. ඒ වගේම කාන්තා ප්‍රධාන චරිතය විදිහට A Quiet Place වලින් ජනප්‍රිය වුනු Emily Blunt එකතු වෙනවා. ඊට අමතරව Edagar Ramirez, Jack Whitehall, Jesse Plemons ඇතුලු ලොකු කාස්ට් එකක් දැකගන්න පුලුවන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jaume Collet-Serra කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. එතකොට මේ චිත්‍රපටයට වියදම් කරපු ගාණ දන්නවද? එසේ මෙසේ ගාණක් නෙවේ ඩොලර් මිලියන 200 ක්. IMDB වල 6.8 ක් සහ Rotten Tomatoes වල 63% හොඳ අගයන් ටිකක් ලැබිලා තියෙනවා. ඉතිං Adventure රසයට Fantasy සහ Comedy ගතියක් එකතු වුනු ලස්සන නිර්මාණයක් මේ පාරත් ඩිස්නිලා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙන්නෙත් Disney Land එකේම තියෙන theme park එකක්.
කතාවත් පොඩ්ඩක් කියන්නම්. කතාවේ හැටියට පුරාවෘත කතාවක් තියෙනවා. මේ කතාවේ හැටියට ඇම්සෝන් වනයේ තිබෙන පෞරාණික ගසක හැදෙන මල් පෙති යොදාගෙන ඕනෑම රෝගයක් සුව කරන්න පුලුවන්ලු. අපේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ලිලී සහ ඇගේ සහෝදරයා විශ්වාස කරන විදිහට මේ පුරාවෘතය ඇත්තක්. ඉතිං මේ තැනට යන්න පෞරාණීක ඊ හිසක් මේ දෙන්නට හොරකම් කරන්නත් වෙනවා. මොකද ඔවුන්ට ඒ ඊ හිස අයිති සංගමයෙන් ඔවුන්ගේ අදහස පිස්සු එකක් කියලා ඔවුන්ට උදවු කරන්න අකැමැති වෙන නිසා. කොහොම හරි ඊ හිසත් අරගෙන දෙන්නා කඩි මිඩුඉයේ ඇමසෝවලට යනවා. මේ අස්සේ මේ ඊ හිස සහ අර පෞරාණීක ගස හොයාගෙන ජර්මන් අධිරාජ්‍යයත් මේ දෙන්න පස්සෙ පන්වන්න ගන්නවා. ඉතිං ලිලීට සහ ඇගේ සහෝදරය ඇමසෝන්වලදී හරි අමුතු කපිතාන් කෙනෙක් හමුවෙනවා. පොර හෙන කපටි වගේම දක්ෂ, පරණ නැවක් එක්ක එක එක සෙල්ලම් දාන මනුස්සයෙක්. ඒ කැප්ටන් තමා අපේ කතාවේ වීරයා ෆ්‍රෑන්ක් වුල්ෆ්. කොහොම හරි ෆ්‍රෑන්ක් වුල්ෆ් හොඳ ගාණකුත් නියම කරාට පස්සෙ වෘක්ෂය හොයාගෙන මේ දුශ්කර චාරිකාව යන්න කැමැති වෙනවා. ඉතිං ඇමසෝන්වල භයානක අත්දැකීම් එක්ක වුල්ෆ් තමන්ගේ බෝට්ටුවෙ ලිලී සහ සහෝදරයත් එක්ක පෞරාණික “සදෙහි කඳුල” සොයා යන සුපිරි වික්‍රමය තමයි කතාව පුරා ඇදිලා යන්නේ.











