Karan Arjun (2022) | “උගුල”
✌️ 2022 ජූනි 24 වෙනිදා නිකුත් උන මේ Telugu ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. Imdb අගය 8.0 ක් අරන් තියෙන මේ ෆිලුමේ ධාවන කාලය පැයයි මිනිත්තු 46 ක් වෙනවා.. මෙහි අධ්යක්ෂණය හා කතාව යන දෙකම සිදු කරන්නේ Mohan Srivatsasa විසින්.. ප්රධාන චරිතය සදහා තෙලුගු නළු Abhimanyu රංගනයෙන් දායක වෙනවා… උප ප්රධාන චරිත සදහා Nikhil Kumar, Shyfa, Anitha Choudhary යන නළු නිලියන් සම්බන්ද වෙනවා… Thriller ෆිල්ම් හොයන අයට මරු ෆිලුමක් 😍❤️
කතාව පොඩ්ඩක් කියන්නම්.. කරන් හා වෘශාලි කියන්නේ ලගදීම විවාහ වෙන්න බලාගෙන ඉන්න යුවලක්..මේ දෙන්නගේ ප්රී ෂූට් එකට මෙයාලට රාජස්ථාන් වලට යන්න සිද්ද වෙනවා.. මේ යන අතර තුර ජැකට්, ෆුල් ෆේස් හෙල්මට් දාපු කෙනෙක් බයික් එකකින් එයාලාව ෆලෝ කරලා අල්ලගන්නවා..මුලින්ම කරන්ගේ අත පය ගැට ගහල එයාව වලකට දානවා මේ කෙනා.. ඊට පස්සේ මේ කෙනා වෘශාලිව අල්ලගන්නවා..හැබැයි එයාට කිසිම කරදරයක් කරන්නේ නෑ… 🤗❤️ කව්ද මේ Anonymous Person 🤔 ඇයි මෙයාලව අල්ලගත්තේ 🤔 සේරම දැනගන්න ෆිලුම බලන්න.. 🤭♥️

