EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

දෙවියන්ගේ දඬුවම ක්‍රියාත්මකයි

ඔන්න එහෙනම් සිනමා රසිකයො ගොඩක් ආසාවෙන් බලන් හිටපු 2026 අවුරුද්දෙ රිලීස් වුණු “Karuppu” ෆිල්ම් එක ගැන විස්තරයක් තමයි අද මේ අරගෙන ආවේ.. ක්‍රියාදාම, ත්‍රාසය වගේම කුතුහලය පිරුණු කතාවක් හොයන අයට මේක නියම තේරීමක් වෙයි. 2026 අවුරුද්දේ මැයි 15 වෙනිදා රිලීස් වුණු ‘Karuppu’ ෆිල්ම් එක ආදායම් පැත්තෙන් නම් මේ වෙනකොට සුපිරිම වාර්තා ටිකක් තියලා තියෙනවා. සූරියා සහ ත්‍රිෂා ප්‍රධාන චරිත කරන, RJ Balaji විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ අලුත්ම බොක්ස් ඔෆිස් විස්තර ටික මෙන්න මෙහෙමයි. කැමරාකරණය ගැන කිව්වොත් කරුප්පුස්වාමි දේව සංකල්පය සහ දූෂිත නීති පද්ධතිය අතර තියෙන ගැටුම නිරූපණය කරන්න, කැමරාකරණය ඇතුළේ ගොඩක් දුරට අඳුරු වර්ණ සහ ත්‍රාසජනක මුහුණුවරක් එකක් පාවිච්චි කරලා තියෙනවා. ගමේ පරිසරයේ තියෙන අභිරහස් බව සහ දෙවියන්ගේ බලය පෙන්නන්න කැමරා ශිල්පියා ආලෝකය සහ සෙවනැලි හසුරුවලා තියෙන විදිය මාරම තාත්විකයි. A. R. රහ්මාන් විසින් ෆිල්ම් එකට ලොකු ආලෝකයක් දීලා තියෙනවා සංගීතය පැත්තෙන්.ඉතින් BGM එකයි, සින්දු ටිකයි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ. ආර්. රහ්මාන්ගේ සංගීතය මේ ෆිල්ම් එකේ ත්‍රාසජනක සහ හැඟීම්බර අවස්ථා වලට නියමෙටම ගැලපිලා තියෙනවා.
Worldwide Gross : මේ වෙනකොට ෆිල්ම් එක මුළු ලෝකෙන්ම ඉන්දියානු රුපියල් කෝටි 175.96ක් හොයලා තියෙනවා. දැන් කෝටි 200 සීමාවට ගොඩක් කිට්ටුත් ඇති.
India Nett : ඉන්දියාව ඇතුළේ විතරක් රුපියල් කෝටි 105.35කට වඩා හොයලා තියෙනවා.
Overseas : ඉන්දියාවෙන් පිට රටවලින් රුපියල් කෝටි 54ක වගේ ආදායමක් එකතු කරගන්න මේකට පුළුවන් වෙලා තියෙනවා.
Budget: මේ ෆිල්ම් එක හදන්න ආසන්න වශයෙන් රුපියල් කෝටි 130 ත් 140 ත් අතර ගාණක් වියදම් වෙලා තියෙනවා.
මේ වෙනකොට 2026 අවුරුද්දේ වැඩිම ආදායමක් හොයපු දෙමළ චිත්‍රපටය (Highest-grossing Tamil film of 2026) බවට ‘Karuppu’ පත් වෙලා ඉවරයි. සූරියාගේ සිනමා ජීවිතේ මෙතෙක් වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක විදියටත් මේක වාර්තා පොත්වලට එකතු වුණා. මීට කලින් එයාගේ ‘Singam 2’ සහ ‘Retro’ වගේ ෆිල්ම් තමයි ඉහළින්ම තිබුණේ.
හරියටම කිව්වොත් පට්ට ෆ්ලොප් ෆිල්ම් ටිකක් කරපු සූර්යයා සෑහෙන්න කාලෙකින් කම් බැක් එකක් දුන්නා කියලා කියන්න පුලුවන්. මේ ෆිල්ම් එක මුලින්ම රිලීස් කරන්න සැලසුම් කරලා තිබ්බ දවසේ පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් දවසක් පරක්කු වෙලා තමයි රිලීස් වුණේ. ඒ වගේම විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබුණේ. හැබැයි ඒ කිසිම දෙයක් ෆිල්ම් එකේ ආදායමට බලපාලා නෑ
මේ කතාවේ මූලිකවම ගොඩනැගෙන්නේ සමාජයේ තියෙන දූෂිත නීති පද්ධතිය සහ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට ඒකෙන් වෙන අසාධාරණය වටායි. සල්ලි වලටයි, බලයටයි යට වුණු නීතියක් ඉස්සරහා අසරණ වෙන මිනිස්සුන්ට පිහිට වෙන්න කවුරුත්ම නැති තැනක, සූරියාගේ චරිතය පෙරට එනවා. හැබැයි එයා මේ දූෂිත ක්‍රමයට විරුද්ධව සටන් කරන්නේ සාමාන්‍ය විදියකට නෙවෙයි; දකුණු ඉන්දියාවේ සාධාරණත්වයේ සංකේතයක් විදියට සලකන ‘කරුප්පුස්වාමි’ දේව සංකල්පය පෙරදැරි කරගෙනයි.
බලපුළුවන්කාර දේශපාලඥයෝ, සල්ලි වලට යට වුණු පොලිස් නිලධාරීන් සහ නීතිඥයින්ට එරෙහිව එයා තනියම දියත් කරන මේ සටන ඇතුළේ ලොකු අභිරහසක් වගේම ත්‍රාසයක් හැංගිලා තියෙනවා. නීතියෙන් ගැලවෙන වැරදිකරුවන්ට ස්වභාවධර්මයෙන් සහ දේව බලයෙන් දඬුවම් ලැබෙනවා කියන විශ්වාසය මේ කතාව පුරාවටම දකින්න පුළුවන්. මේ ගමනේදී ත්‍රිෂාගේ චරිතයෙනුත් මේ සටනට වෙනස්ම විදියේ සහයෝගයක් ලැබෙනවා. සැබෑ යුක්තිය කියන්නේ මොකක්ද? නීතිය නවතින තැනින් එහාට සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන්, ඇඟ හිරිවැටෙන සුපිරිම මාස් (Mass) ඇක්ෂන් අත්දැකීමක් ගන්න තමයි මේ කතාවෙන් ඉඩ හදලා දීලා තියෙන්නේ. මේ කතාව නිකම්ම නිකන් ඇක්ෂන් ෆිල්ම් එකකට වඩා, සමාජයට ලොකු පණිවිඩයක් දෙන කතාවක්

Comments