Cast
Go Full Cast Pageකාට්ටාලන්
Cinesubz. වෙත සාදරයෙන් පිළිගන්නවා යාලුවනේ! අද අපි ඔයාලා වෙනුවෙන් අරන් ආවේ 2026 අවුරුද්දේ ආපු සුපිරිම මලයාලම් Action Thriller එකක්. Antony Varghese ගේ Mass Action එක බලන්න කැමති අයට නම් මේක මග අරින්න බැරි චිත්‍රපටයක්. ඉතින් පරක්කු නොවී කතාවට යමු.
“කට්ටාලන් – Kattalan” කියන්නේ මලයාලම් වචනයක්. සරලවම ඒකේ තේරුම “දඩයම්කරු” කියන එකයි. “කට්ටු” කියන්නේ කැලේට. “ආලන්” කියන්නේ අයිතිකාරයාට. ඉතින් එකතු කරාම “කැලේ අයිතිකාරයා” කියන අදහස එනවා. කලින් කාලේ මේ වචනය ගෝත්‍රික මිනිස්සුන්ටයි, කැලේ දඩයම් කරන අයටයි පාවිච්චි කරලා තියෙනවා. මේ ෆිල්ම් එකට මේ නම දීලා තියෙන්නේ කතාවම අලි දළ ජාවාරම් සහ කැලේ ආශ්‍රය කරගනිමින් ගෙතුණ නිසා. Antony කැලේ ආරක්ෂා කරන සැබෑ දඩයම්කරු වෙන අතර Maari සහ එයාගේ ගෑං එක අලි දඩයම් කරන වෙනස්ම විදියේ දඩයම්කරුවෝ වෙනවා.
මේක 2026 අවුරුද්දේ ආපු මලයාලම් Action Thriller එකක්. අධ්‍යක්ෂණය පෝල් ජෝර්ජ්. Marco ෆිල්ම් එකෙන් සාර්ථක වුණු Sherif Muhammed ගේ Cubes Entertainments එකේ නිෂ්පාදනයක්. තිර රචනයට පෝල් ජෝර්ජ් එක්ක ජොබී වර්ගීස්, ජෙරෝ ජේකොබ් ඉන්නවා. සංවාද ලියලා තියෙන්නේ උන්නි ආර්. මුල් භාෂාව මලයාලම් වුනත් දෙමළ, තෙළිඟු, හින්දි, කන්නඩ කියන භාෂා 4ටත් Dub කරලා තියෙනවා. විනාඩි 120ක චිත්‍රපටයක්.
නළුවා විදියට ඉන්නේ Antony Varghese. එයා තමයි මේකේ ප්‍රධාන දඩයම්කරු. එයා එක්ක නායිකාවට Dushara Vijayan. Villain චරිතෙට Sunil ඉන්නවා – එයා තමයි දළ ජාවාරම් කරන Maari. ඒ වගේම Kabir Duhan Singh, Jagadish, Siddique වගේ අයත් ප්‍රධාන චරිත වලට ඉන්නවා. Ong-Bak ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධ Pong කියන අලියත් මේකේ ඉන්නවා කියන එක තමයි විශේෂම දේ. Action අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජාත්‍යන්තරව පිලිගත් Kecha Khamphakdee විසින්.
කතාව ගෙතෙන්නේ Sunil හෙවත් Maari වටේ. එයා පොඩි කාලේ ඉඳන්ම අලින් මරලා දළ ගලවලා ශ්‍රී ලංකාවට නීතිවිරෝධී විදියට යවනවා. එයා එක්ක දඩයම්කරුවන් 40 දෙනෙක් ඉන්නවා. එයාලාව වහල්ලු වගේ තියාගෙන Maari මේ ජාවාරම කරනවා. මේ අතරේ Maari ව පරාද කරන්න Eddy Gang එකත් හැමතිස්සෙම බලන් ඉන්නවා. හරියටම ඒ වෙලාවට තමයි Antony එන්ට්‍රි වෙන්නේ. එයා Maari ට උදව් කරනවා වගේ පේනවා. ඒත් පස්සේ දඩයම්කරුවන්ම Maari ව පරාද කරන්න Antony ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ කියන එක තමයි කතාව. මේකෙන් කියන්න යන්නේ ලෝභය නිසා වෙන වනජීවී විනාශය සහ මිනිස්සුන්ගේ උරුමය ගැන.
සිනමාශාලා වලට මේක නිකුත් වුනේ 2026 මැයි 28 ලොව පුරා IMAX සහ EPIQ එක්ක. ඊට පස්සේ 2026 අගෝස්තු 13 manoramaMAX එකට ආවා. කෝටි 50ක අයවැයින් හදලා කෝටි 15ක වගේ ආදායමක් තමයි ලැබුනේ. Ratings නම් 2.3/5 වගේ අඩුයි.
රූගත කිරීම් කරලා තියෙන්නේ තායිලන්තය, වාගමන්, කොල්ලම්, කොළඹ, ධනුෂ්කෝඩි වගේ තැන් වල. 2025 සැප්තැම්බර් ඉඳන් 2026 පෙබරවාරි වෙනකම් වැඩ කරලා තියෙනවා. Aanakolli කැලේ ග්‍රහණය කරගන්න Sony VENICE 2 8K කැමරා පාවිච්චි කරලා තියෙනවා. සංගීතය B. Ajaneesh Loknath ගේ. BGM එක Ravi Basrur ගේ. කැමරා Renadive ගේ. Edit Shameer Muhammed ගේ.
සරලවම කිව්වොත් Marco එකෙන් පස්සේ ආපු තවත් Mass Action එකක්. අලි ජාවාරම්, Gang war සහ Antony ගේ screen presence නිසා Action බලන්න කැමති අයට නම් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.



