කතාව යන්නේ 786 කියන ලකී නම්බර් එක අතේ තියෙන, හැබැයි කරන කරන මඟුල් වැඩේ කඩලා යන “බහත්තර් සිං” (Akshay Kumar) වටා. මෙයාගේ පවුලේ අයත් එක එක ජාතියේ හොර වැඩ කරන අය. මෙයාට ඉක්මනටම කසාදයක් කරලා දෙන්න ගෙදර අය මාර උත්සාහයක ඉන්නේ. ඔහොම ඉද්දී තමයි මෙයාට “ඉන්දු” (Asin) කියන කෙල්ලගේ යෝජනාව එන්නේ. හැබැයි සිද්ධිය කියන්නේ ඉන්දුගේ අයියා “තොටා රාම්” කියන්නෙත් ලොකු දොන් කෙනෙක්. දෙගොල්ලන්ගෙම ඇත්ත රහස් හංගලා, පොලිස් පවුලක් සහ හොඳ පවුලක් වගේ රඟපාගෙන කෙරෙන මේ මඟුල් ජාතකය අස්සේ වෙන අලකලංචි ටික තමයි කතාව පුරාම යන්නේ.

Comments