Kuruvi (2008) | පියා වෙනුවෙන්

 

 

ඔන්න එහෙනම් තවත් ලස්සන පරණ ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ විජේ සමග ට්‍රීෂා.. මේක ගොඩක් කට්ටිය බලලා ඇති..ඒ වුණාට කමක් නෑ ආයෙත් බලන්න පාඩුවක් වෙන්නේ නෑ..එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

වේලු කියන්නේ රේස් පදින කෙනෙක්..මෙයා හිතන්නේ මෙයාලගේ තාත්තා ණය වෙලා ඒවා ගෙවා ගන්න බැරුව පැනලා ගිහින් කියලා..ඒත් දවසක් මෙයාට තාත්තට කෙනෙක් දීපු රිටන් වෙච්ච චෙක් එකක් හම්බෙනවා..ඉතින් මේකේ එඩ්‍රස් එක තියෙන්නේ මැලේසියාවේ..ඉතින් මෙයා මේ සල්ලි ඉල්ලගෙන එන්න මෙයාගෙ යාළුවා එක්ක මැලේසියාවට යනවා..එහෙදි මෙයාට දැන ගන්න ලැබෙනවා තාත්තා පැනලා ගිහින් නෑ එයා ලොකු කරදරේක වැටිලා කියලා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ මෙයාට තාත්තව බේර ගන්න පුළුවන් වෙයිද කියලා හැමෝම ෆිල්ම් එක බලලා දැන ගන්න..

Comments