EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කයිල්ගේ ක්‍රිප්ටෝ ගේම

කයිල් සහ එයාගේ යාළුවෝ ඔන්ලයින් වංචාකරුවන්ව හැක් කරලා එයාලට විහිළු කරන එක තමයි විනෝදාංශයක් විදිහට කරන්නේ. හැබැයි මේ වැඩේ තවත් දුරකට අරන් යන්න හිතන මේ කට්ටිය ලෝක ප්‍රකට බිලියනපතියෙක් වෙන ඩොන් හර්ඩ්ව ඉලක්ක කරගන්නවා. ඒ වෙනුවෙන් එයාලා පාවිච්චි කරන්නේ ඩොන්ගේ දුව ලින්ඩ්සේගේ සෝෂල් මීඩියා ගිණුම්. මේ හරහා බිලියනපතියාගේ ක්‍රිප්ටෝ කරන්සි ටික අරගන්න කයිල් දියත් කරන භයානක සයිබර් මෙහෙයුම මේ චිත්‍රපටියෙන් අපිට බලාගන්න අවස්ථාව ලැබෙයි.
මෙතනදී කයිල්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න ‘Wednesday’ කතාමාලාවේ ඒජැක්ස් විදිහට හිටපු Georgie Farmer. ඒ වගේම බිලියනපතියාගේ දුව විදිහට Yasmin Finney රංගනයෙන් දායක වීම කතාවට ලොකු ආකර්ෂණයක් ගෙනල්ලා. තරුණ පරපුරේ නළු නිළියන් එකතු වෙලා තාක්ෂණයත් එක්ක කරන මේ සෙල්ලම හරිම තාත්වික විදිහට තිරයට ගේන්න ඔවුන් සමත් වෙලා තියෙන හැටි අගය කරන්න වටිනවා.
පැයයි විනාඩි 37ක ධාවන කාලයක් ඇතුළත කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් විදිහට කතාව ගොඩනඟලා තියෙනවා. අලුත් විදිහේ Crime-Thriller ෆිල්ම් වලට වගේම හැකින් ගැන තියෙන කතාවලට ආස කරන අයට මේක අනිවාර්යයෙන්ම මඟහරින්න හොඳ නැති නිර්මාණයක්.
ඔව්, මේක Screenlife කියන ශානරයට අයිති වෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ චිත්‍රපටය පුරාවටම අපි දකින්නේ චරිත වල ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන් සහ CCTV කැමරා වල තිරයන් විතරයි.
ලින්ඩ්සේ විදිහට රඟපාන Yasmin Finney ගොඩක්ම ජනප්‍රිය වුණේ නෙට්ෆ්ලික්ස් හි විකාශය වුණු ‘Heartstopper’ කතාමාලාවේ එල් (Elle) ගේ චරිතය හරහා. ඊට අමතරව ඇය ‘Doctor Who’ කතාමාලාවටත් සම්බන්ධ වෙලා තියෙනවා.

Comments