ittle Hearts (2024) | තාත්තයි පුතයි

 

මේක පවුල් දෙකක මිත්‍ර කම පිළිබඳ කතාවක් කිව්වොත් නිවැරදියි. ඒ ඇතුලෙ පෙම් සබඳතා දෙකක්, අසම්මත සම්බන්ධතාවක්, පියෙක් හා පුතෙක් අතර මෙන්ම මවක් සහ දියණියක් අතරද තියෙන සම්බන්ධතා ගැන ලස්සන කතන්දර තිබෙනවා. ඒත් පිය පුතු සම්බන්ධතාව ඒ සේරටම වඩා ඉස්මතු වෙනවා. තාත්තෙකුට පුතෙක් මෙන්ම පුතෙකුට තාත්ටෙක් පිටි පස්සෙන් ඉන්න කොට ජීවිතේ මොන තරම් ශක්තිමත්ද? ඉතිං මේ පවුල් දෙකේ සම්බන්ධතා යම් යම් හේතු නිසා අනතුරකට පත් වෙනවා. එයාල කියන හැටියට ඒ වගේ දේවල් විනාඩි 10න් නැත්තම් පැය 12න් උපරිම දවස් දෙකෙන් ඉවර වෙනවා. ඒත් අන්තිමට මොකද වෙන්නෙ? මේ සම්බන්ධය බිඳ වැටෙයිද. පැය දෙකක් බලා ගෙන ඉන්න මේ චිත්‍රපටයත් එක්ක.කතා කරනව නම් මේ චිත්‍රපටය ගැන සෑහෙන දේවල් තියෙනවා කතා කරන්න.

ශේන් නිගම්, බාබුරාජ්, මහිමා නම්බියාර්, ශයින් ටොම් චාකෝ, ජෆාර් ඉඩුක්කි,සහ රෙන්ජි පනික්කාර් මෙහි රඟපානවා, අධ්‍යක්ෂණය කරන්නේ ඇන්ටෝ ජෝස් පෙරෙයිරා සහ අභි ත්‍රීසා පෝල්.ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. ඉතින් දැන්ම බලන්න. ඉස්සරහට හොඳ මලයාලම් ෆිල්ම් ටිකක් එන්න නියමිතයි. ඒ නිසා මේක මිස් කර ගන්න එපා.

Comments