EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමලයාලම් සිනමාව කියන්නේ නිතරම අපේ සාමාන්‍ය ජීවිතේ සිදුවීම් හරිම ලස්සනට තිරයට ගේන සිනමාවක්නේ. ජයරාම් ප්‍රධාන චරිතය නිරූපණය කරන “Lonappante Mamodeesa” කියන්නෙත් කිසිම කම්මැලිකමක් නැතුව, හිතට ලොකු සහනයක් දෙන නියම Feel-good ෆිල්ම් එකක්.
මේ කතාව ගෙතෙන්නේ ලෝනප්පන් වටා. එයා වයසට ගියත් තාම විවාහ වෙලා නැති, ගමේ පරණ ඔරලෝසු හදන කඩයක් කරගෙන පාඩුවේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. එයා ජීවත් වෙන්නේ එයාගේ සහෝදරියෝ තුන්දෙනා එක්ක. සමාජය වගේම පවුලේ අයත් හිතන්නේ ලෝනප්පන් කියන්නේ ජීවිතේ කිසිම දියුණුවක් නැති “පරාජිතයෙක්” කියලා.දවසක් ලෝනප්පන්ට එයාගේ ඉස්කෝලේ කාලේ යාළුවන්ගේ “ආදි ශිෂ්‍ය හමුවකට” යන්න ලැබෙනවා. එතනදි තමන්ගේ යාළුවෝ ජීවිතේ ගිහින් තියෙන දුර සහ සාර්ථකත්වය දැකලා ලෝනප්පන්ට එයාගේම ජීවිතේ ගැන ලොකු හිස්කමක් දැනෙන්න ගන්නවා. එතනින් පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද, එයා ආපහු එයාගේ ජීවිතේ හොයාගන්නේ කොහොමද කියන එක තමයි මේ කතාවෙන් කියවෙන්නේ.


