Lost in the Spotlight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ernest Prakasa, Fajar Irawan, Mikaila Zakirah, Zahra Yuni Alda
Cast
Go Full Cast Pageජනප්‍රියත්වයේ මායාව
කතාව ගලාගෙන යන්නේ අතිශය ජනප්‍රිය, හැබැයි ටිකක් අහංකාර නළුවෙක් වටා. එයාට එයාගේ ජීවිතේ ලැබෙන ලොකුම සහ වටිනාම චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි දෛවයේ සරදමකට වගේ, හරියටම ඒ චරිතය පටන් ගන්න කොටම එයාට රඟපාන හැටි අමතක වෙනවා. එයාගේ දක්ෂතාවය එයාගෙන් ගිලිහෙනවා. හිතාගන්නකෝ රඟපාන්න දන්නෙ නැති සුපිරි නළුවෙක්ට වෙන දේ? එතනින් එහාට එයා මූණ දෙන අකරතැබ්බ සහ ඒ අස්සේ එයා තමන්වම හොයාගෙන යන ගමන තමයි මේ ෆිල්ම් එකෙන් හරිම අපූරුවට පෙන්නන්නේ.
ඉන්දුනීසියානු සුපිරි නළු Vino G. Bastian තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Ernest Prakasa විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක, අපි දකින තිරයේ දිලිසෙන ලෝකය සහ ඒකේ තියෙන පීඩනය ගැන වගේම, ජීවිතේ සැබෑ වටිනාකම් ගැනත් හරිම සැහැල්ලුවෙන්, ඒත් හිතට වැදෙන විදිහට කතා කරනවා. IMDb දර්ශකයේ 6.1/10 ක අගයක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.
හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..






