සතුරු සීමාවේ තනිවූ සෙබළා

හායි යාළුවනේ! අද මම අරන් ආවේ Rod Lurie විසින් අධ්‍යක්ෂණය කරපු, 2026 අවුරුද්දේ නිකුත් වුණු පට්ටම War Action Thriller ෆිල්ම් එකට සිංහල උපසිරැසියයි!
දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ අතිශය තීරණාත්මක Battle of the Bulge සටන පදනම් කරගෙන තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. ඇමෙරිකානු සෙබළෙක් සතුරු සීමාවන් ඇතුළේ තනිවෙලා කොටුවෙනවා. ඔහුට තමන්ගේ පාබල හමුදාව සොයාගෙන නැවත යන්න තියෙන එකම ආයුධය සහ එකම අත්වාරුව වෙන්නේ ඔහු ළඟ තියෙන Motorola SCR-300 රේඩියෝ යන්ත්‍රය විතරයි!
සතුරන්ගෙන් වටවුණු අතිශය භයානක පරිසරයක, මේ රේඩියෝ යන්ත්‍රය පමණක් භාවිත කරමින් ඔහු සතුරු සීමාවෙන් බේරිලා තමන්ගේ පිරිස අතරට යන්න කරන ජීවිතයත් මරණයත් අතර සටන මොන වගේ වෙයිද?
එහෙනම් ෆිල්ම් එක බලලා රසවිඳින්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments