Lurk (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Nishad M A
Year:2026
Subtitle By: Happy Heaven (cinesubz.lk)
Cast
Go Full Cast Pageකැලෑව නිහඬයි... හැඟීම් දරුණුයි
ආයුබෝවන් Cinesubz.lk රසිකයිනි! අද අපි ඔබ වෙත ගෙන එන්නේ ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි තවත් සුපිරිම මලයාලම් සිනමා අත්දැකීමක්. 2026 වසරේ නිකුත් වූ අතිශය කුතුහලය දනවන Lurk නම් වූ Action Survival Thriller සිනමා නිර්මාණය 6.4/10 ක තරම් ඉහළ IMDb දර්ශකයක් හිමිකරගෙන තිෙෙනවා, පළමු මිනිත්තුවේ සිට අවසානය දක්වාම ඔබේ හද ගැස්ම වේගවත් කරන මෙම ත්‍රාසජනක චිත්‍රපටය, මග නොහැරිය යුතුම එකක් බව කිවයුතුයි.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, මීට පෙර අපට Pakal, Nagaram, සහ Kinar වැනි අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ දායාද කළ දක්ෂ අධ්‍යක්ෂක M.A. Nishad විසින්. ඔහුගේම කතා සංකල්පයකට අනුව Jubin Jacob ගේ තිර රචනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය සඳහා අතිදක්ෂ රංගන ශිල්පීන් රැසක් දායක වී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා Driving Licence, Android Kunjappan වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවලින් අප හමුවූ විශිෂ්ට නළු Saiju Kurup සමඟින්, Two Countries, Vellimoonga වැනි අතිසාර්ථක නිර්මාණවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් Aju Varghese රංගනයෙන් එක්වෙයි. මීට අමතරව දක්ෂ රංගන ශිල්පිනී Anumol ගේ විශිෂ්ට රංගන දායකත්වයද මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වී තිබෙනවා.
කතාව දිගහැරෙන්නේ කේරළයේ පිහිටි අතිශය ඝන කැලෑවක් සහ ඒ අවට පිහිටි ගම්මාන පාදක කරගනිමිනි. මිනිසුන් සහ වන සතුන් අතර පවතින බිහිසුණු ගැටුමක් වටා ගෙතී ඇති මෙහි, වන සතුන් මිනිස් ජනාවාස වෙත කඩා වැදීමත් සමඟින් ගම්වැසියන් පිරිසකට මුහුණ දීමට සිදුවන ජීවිතයත් මරණයත් අතර සටන ඉතා ත්‍රාසජනක ලෙස නිරූපණය කර ඇත. ඒ වගේම මෙම කතාව, අවසන් තත්පරය දක්වාම ඔබව කුතුහලයේ ඉහළම තලයක රඳවා තබාගන්නා බව නම් සහතිකයි. ඉතින් සහෘදයනි, මෙම ත්‍රාසජනක අත්දැකීම දැන්ම විඳගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරනවා.


