Cast
Go Full Cast PageCineSubz වෙත සාදරයෙන් පිළිගනිමු! අද දවසත් සුබ වේවා! 🎬✨
තරුණ අධ්යක්ෂවරු කොමඩි, ක්‍රයිම්, සස්පෙන්ස් එකතු කරලා නවීන ෆිල්ම් හදන මේ කාලෙට MRP: Neekentha Naakentha කියන්නෙත් ඒ ලයින් එකටම එන සැහැල්ලු ඒත් කුතුහලය තියෙන ඉන්දියානු තෙළිඟු ෆිල්ම් එකක්. යාළුවාකම, ආදරය, හපන්කම් සහ නොහිතපු සිදුවීම් වටා ගෙතෙන මේ කතාව හිනා සහ ත්‍රාසය සමබරව දෙන්න උත්සාහ කරලා තියෙනවා. කතාව ටිකක් හුරුපුරුදු වුනත්, ජීවන්ට් ස්ක්‍රීන්ප්ලේ එක, උපුටුපුටු සංවාද සහ ඉඳහිට එන සෙන්ටිමන්ට් නිසා බලන්න ආස හිතෙන එන්ටටේනර් එකක් වෙලා.
Cast & Crew ප්‍රධාන චරිත වලින් නරේෂ් අගස්ත්‍ය සහ ඩොනල් බිෂ්ට් ඉන්නවා. එක්කෙන වෙන්නෙලා කිෂෝර්, සුදර්ශන්, කසිරෙඩ්ඩි රාජ්කුමාර්, හර්ෂවර්ධන්, චෛතන්‍ය ජොන්නලගඩ්ඩ, ප්‍රිත්වි රාජ්, ගගන් විහාරි, නන්ද ගෝපාල්, ස්නේහා සිං වගේ පිරිසකුත් ඉන්නවා. මේ ෆිල්ම් එකේ අදහස, තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ඔක්කොම කරලා තියෙන්නෙ ශ්රවන් ජේෂ්ට. Panchajanya Features ඉදිරිපත් කරන මේකෙ සංගීතය අජේ අරසාඩා, කැමරාකරණය රකේෂ් කොලාංචි, සංස්කරණය ජ්‍යෙෂ්ඨ එඩිටර් මර්තන්ඩ් K. වෙංකටේශ්. Executive Producer – ශ්‍රීනිවාස් ගඩිරාජු.
කතාව මනු හෙවත් මනෝහර් සහ එයාගෙ යාළුවෝ 2 දෙනා සෙකියුර් ජොබ් අතෑරලා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න හීන දකිනවා. ඒකට කීපදෙනෙක්ගෙ උදව්වෙන් භයානක රවුඩි කෙනෙක් ගාවින් ලක්ෂ 50ක් ණයට ගන්නවා. ඒත් බිස්නස් එක පැච් වෙනකොට බරපතල ණයකුත් එක්ක කාලයත් අඩුයි. ඒ අතරෙ මනුගෙ ආදරේ අම්ෘතා එක්ක තියෙන සම්බන්ධෙත් වැරදි තේරුම් නිසා කැඩෙනවා. අන්තිමට මූල්‍ය ප්‍රශ්න විසඳගන්න උන් 3 දෙනාම අනතුරුදායක ප්ලෑන් එකක් ගහනවා. ඒත් ඒක උන්ව තවත් හිනා යන සහ භයානක ප්‍රශ්න ගොඩකට ඇද දානවා. අන්තිමට මනුට අම්ෘතාව ආපහු දිනාගන්න පුළුවන් වෙයිද? යාළුවන්ට ණයෙන් බේරිලා රවුඩිගෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? කියන එකයි ඉතිරි කතාව.
රංගනය නරේෂ් අගස්ත්‍ය කොමඩි, සෙන්ටිමන්ට්, සීරියස් සීන් ඔක්කොම ලේසියෙන් සමබර කරනවා. ඩොනල් බිෂ්ට් එයාගෙ ග්රේස්ෆුල් පෙනුමෙන් සහ ආදර සීන් වලින් හොඳට ඉන්නවා. ෆිල්ම් එකේ ලොකුම ශක්තිය තමයි වෙන්නෙලා කිෂෝර්. එයාගෙ කොමඩි ටයිමිං එකට සුදර්ශන්ගෙ සහයෝගය එකතු වෙලා සීන් කිහිපයක්ම උස්සගෙන යනවා. අනිත් නළු නිළියන් සියල්ලෝම කතාවට හොඳ සහයක් දෙනවා.
තාක්ෂණික පැත්ත අධ්යක්ෂ ශ්රවන් ජේෂ්ට හුරුපුරුදු කතාවක් වුනත් කොමඩි, ආදරය, සෙන්ටිමන්ට්, සස්පෙන්ස් හොඳට මික්ස් කරලා, විශේෂයෙන් සෙකන්ඩ් හාෆ් එකෙන් ප්‍රේක්ෂකයා අල්ලගන්නවා. රකේෂ් කොලාංචිගෙ සිනමාටෝග්‍රැෆි එක පාට පාටයි ලස්සනයි. අජේ අරසාඩාගෙ BGM එක කොමඩි සහ ත්‍රාස සීන් දෙකටම වැඩ කරනවා. මර්තන්ඩ්ගෙ එඩිටින් එක ක්ලීන්. හැබැයි ෆස්ට් හාෆ් එක ටිකක් කෙටි වුනා නම් හොඳයි. ප්‍රඩක්ෂන් වෑලියු එකත් ගොඩක් රිච් සහ පිළිවෙලට හදලා තියෙනවා.
සමස්තයක් විදියට MRP: Neekentha Naakentha කියන්නේ නවීන තරුණ කතාවකට කොමඩි සහ සස්පෙන්ස් ටිකක් එකතු කරලා හදපු ලස්සන ටයිම්පාස් ෆිල්ම් එකක්.


