EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමිනීමැරුමක් කලාවක් වුණොත්? අමුතුම විදියේ අභිරහසක් රැගත් “M4M: Motive for Murder” 🎨🔪
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි ඔයාලට අරගෙන ආවේ හරිම creepy වගේම කුතුහලය පිරුණු නියම Psychological Thriller චිත්‍රපටයක් ගැන විස්තර. මේක තමයි මෑතකදී ආපු සුපිරිම Telugu crime/mystery thriller චිත්‍රපටයක් වෙන M4M: Motive for Murder. 🎬
කලාවක් වගේම භයානක කතාවක්!
කතාව පටන් ගන්නේ හයිද්‍රාබාද් (Hyderabad) නගරයෙන්. මේ නගරයේ එකපාරටම අමුතු විදියේ මිනීමැරුම් මාලාවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ Serial Killer ගේ විශේෂත්වය තමයි, එයා මිනීමරන්නේ නිකම්ම නෙවෙයි; ලෝක ප්‍රසිද්ධ සිතුවම් (paintings) ඒ විදිහටම recreate කරන විදිහට! හිතාගන්න පුළුවන්ද… කලාවක් (art) කොහොමද ඒ තරම්ම භයානක horror එකක් වෙන්නේ කියලා?
පරීක්ෂණය සහ අභිරහස… මේ අභිරහස විසඳන්න භාර වෙන්නේ ACP ක්‍රිෂ්ණා (ACP Krishna) කියන ඉතාමත් දක්ෂ, තීරණාත්මක පොලිස් නිලධාරියාට. එයාට මේ ගමනේදී උදව් වෙන්නේ රාධා (Radha) කියන කිසිම දේකට බය නැති, ඇත්ත හොයාගෙන කොච්චර අවදානමක් වුණත් ගන්න ලෑස්ති මාධ්‍යවේදිනියක්. මේ දෙන්නා එකතු වෙලා පරීක්ෂණ කරගෙන යද්දී, සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ එක පාසල් ශිෂ්‍යයෙක් සහ විදුහල්පතිවරයෙක් දිහාවටයි.
ඒත් කතාව එතනින් ඉවර නෑ. මේ අස්සේ killer කෙලින්ම පොලිසියටම messages යවමින් ඊළඟ මිනීමැරුම, එහෙමත් නැත්නම් එයාගේ “ඊළඟ සිතුවම” ගැන ඉඟි දෙන්න පටන් ගන්නවා. කතාවේ suspense level එක නම් උපරිමයි! 🔥
අවසන් වෙනකම්ම කුතුහලය පිරුණු, හිතාගන්න බැරි twists ගොඩක් තියෙන මේ movie එක ඔයාලගේ must watch list එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනෙ එකක්! 🍿
මේ වගේ අලුත්ම Movies සහ TV Series Updates ඉක්මනටම දැනගන්න අපේ Facebook Page එකට Join වෙන්න අමතක කරන්න එපා. 🎥❤️



