EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThis GOLD is BLOODY bold
ඔන්න අද මම ඔයාලට උපසිරැසිය අරන් ආවේ සමන්තාගේ අලුත්ම තෙළිඟු ෆිල්ම් එක වෙන ‘Maa Inti Bangaaram’ (මා ඉන්ටි බංගාරම් – අපේ ගෙදර රත්තරන්) එකට. සමන්තට ආස අයට මේක ගොඩක් විශේෂ ෆිල්ම් එකක් වෙයි. මේකෙ තියෙන ලොකුම විශේෂත්වය තමයි, සමන්තා මේකෙ ප්‍රධාන චරිතය කරනවා වගේම මේක නිෂ්පාදනය කරන්නෙත් එයාමයි. ඇයගේම නිෂ්පාදන ආයතනයක් වෙන ‘Tralala Moving Pictures’ යටතේ තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේක සමන්තාගේ සිනමා ජීවිතේ ලොකු කඩඉමක්. මේක Action සහ Family Drama කියන කාණ්ඩ වලට අයිති වෙන සම්පූර්ණ කමර්ෂල් ෆිල්ම් එකක් විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නේ.
කතාව ගැන කියනව නම්, ගෙවල් වල අකමැත්තෙන් විවාහ වුන ජෝඩුවක් එයාලගෙ– එහෙමත් නැත්නම් මේ ස්වාමිපුර්ෂයගෙ මහ ගෙදරට යන තැනින් තමයි මේ කථාව ඇරඹෙන්නේ. ගෙදරින් එලවයිද මොනව කියයිද කියන ලොකු කුතුහලයකින් තමයි මොවුන් එන්නේ. ඉතිං නැන්දම්මගෙ ගෙදර කියන්නෙ ලේසි නෑ ලේලියෙක්ට. ඒ ගෙදර දේවල් ඔක්කොම අලුත්. තව තව නෑනලා එහෙම ඉන්නවා. ඒ අය මෙයාට වඩා ගෙදරපල වැඩට දක්ෂ නිසා මැයට ලොකු අරගලයක් කරන්න වෙනවා. ඒවගේම ඇයට ලොකු රහසිගත අතීතයක් තියෙනවා. එකපාරටම ඇය නිසා මේ පවුලට එන තර්ජනවලින් ඒ අයව බේරගෙන ඉන්නත් ඇයට සිද්ධ වෙනවා. තමන්ගේ නියම ස්වරූපය සහ අතීතය පවුලේ අයට හෙළි නොකර, එයාලව ආරක්‍ෂා කරගන්න ඇය කරන සටන තමයි මේකෙ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ.
ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායමෙන් ඉන්දියානු රුපියල් කෝටි 100 සීමාව පහු කරපු, කාන්තාවක් ප්‍රධාන චරිතය රඟපාන පළමු තෙළිඟු ෆිල්ම් එක බවටත් ‘මා ඉන්ටි බංගාරම්’ දැන් පත් වෙලා තියෙනවා.





