අවාසනාවන්ත ඉරණම

මම අද අරගෙන ආවේ කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්..හැබැයි අවසානය ගොඩක් දුකයි..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මාදේව (විනෝද් ප්‍රභාකරන්) කියන්නේ හිරගෙදර මිනිස්සුන්ව එල්ලලා මරණ රස්සාව කරන කෙනෙක් (hangman). එයා පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දුක් විඳලා තනිවෙලා, හැඟීම් දැනීම් මුකුත් නැති ගල් හිතක් තියෙන කෙනෙක් විදිහටයි ජීවත් වෙන්නේ. කතාව පටන් ගද්දිම මේක අපිට තේරෙනවා. එයා මිනිහෙක්ව එල්ලලා මරලා ඒ ළඟම වාඩි වෙලා කිසිම ගාණක් නැතුව බිරියානි කන දර්ශනයකින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. එයා වැඩිය කතා බහ කරන්නේ නැති අනිත් අය ගැන කිසිම අනුකම්පාවක් නැති කෙනෙක්.​මේ විදිහට තනිවෙලා ඉන්න මාදේවගේ ජීවිතේට පාර්වතී (සොනාල් මොන්ටෙයිරෝ) එනවා. පාර්වතී කියන්නේ ගොඩක් හොඳ, කරුණාවන්ත ගෑනු ළමයෙක්. එයාගේ අම්මා ඉන්නේ හිරේ. ඉතින් අම්මව බේරගන්න මාදේවගේ උදව් ඉල්ලගෙනයි එයා එන්නේ. මුලදි මාදේවට මේක වදයක් වුණත්, පාර්වතීගේ ආදරේ සහ කරුණාව නිසා මාදේවගේ ගල් හිත ටික ටික උණු වෙන්න ගන්නවා. එයාටත් ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා.මාදේවට ආයෙත් මනුස්සකම දැනීගෙන එද්දිම එයාට ලොකු ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා: ​සමුද්‍ර (ශ්‍රීනගර් කිටී): තමන්ගේ මල්ලිගේ මරණෙට පලිගන්න එන ගොඩක් දරුණු කෙනෙක්. ​කමලාක්ෂි (ශ්‍රැති): තමන්ගේ පුතාව හිරෙන් නිදහස් කරගන්න හිරගෙදර ඇතුළේ ලොකු ගේම් එකක් ගහන කපටි ගෑනු කෙනෙක්.ඉතින් මේ හැමෝගෙන්ම බේරිලා මාදේවටයි පාර්වතීටයි ඉන්න ලැබෙයිද කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක අරන් බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments