Cast
Go Full Cast Pageආයුබෝවන් ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2026 අලුතින්ම රිලීස් වුනMahendragiri Varahi කියන තෙලිගු movie එක. මේ කතාවේ ප්රධාන චරිතයට පන පොවන්නේ Sumanth ඒ වගේන් ප්රදාන නිලියMeenakshi Goswami.
මේ movie එක Mystery / Investigative Thriller කියන ගනයට තමයි වැටෙන්නේ.
කතාවට යන්න කලින් මුලින්ම කියන්න ඕනී මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ වාරාගී කියන දේවියගේ ශාපයකට අවුරුදු 200කට කලින් අහු වුන මහේන්ද්ගිරි කියන රාජකීය පවුල වටා. මේ පවුලේ උපදින සෑම පිරිමි දරුවෙකුම තමන්ගේ 33 වැනි උපන්දිනයේදී අද්භූත ලෙස මිය යනවා.
අපි යමු කතාවට,
අපේ කතාවේ hiro සිද්දූ යූටියුබර් කෙනෙක්. මෙයා එයාගේ චැනල් එකේන් කරන්නේ මිත්යාදේවල් වලින් මිනිස්සුන්ව රවට්ටන අයගේ වෙස්මූන ගලවන එක.
ඉතින් මේ දේවල් හරිම සාමකාමිව සිද්දවුනා. හැබැයි ඒ සිද්දුගේ අයියා රාජීව් ගේ එන්ගේජ්මන්ට් එක වෙනකන් විතරයි. මොකද කියනවා නම් එතනදි රාජීව් ගේ අනාගතයේ ඇතිවෙන ප්රශ්න වලින් මිදෙන්න වාරාහී දේවියගේ දේවාලයට ගිහින් පූජාවක් කරන්න ඕනි කියනවා….
මේ අතර මහේන්ද්ගිරි රාජ වංශයේ උරුමක්කාරයා ඒ කියන්නේ නරේන්ද්ර වර්මා ගේ 33 වෙනි උපන්දිනයත් ලැබුවා.
මේ වෙනකොට ඒ පවුලත් සිද්දුගේ පවුලත් මේ වාරාහී දේව මෑනියන් ගේ කෝවිලේ ඉන්නේ…
මේ අතරේ නරේන්ද්ර වර්මා ආදරයෙන් හදපු එයාගේ මී ගවයා එක පාර කුලප්පු වෙලා කෝවිල් භූමියට එනවා. මේ වෙලාවේ සිද්දූ මෙතන නෑ. රාජීව් සහ නරේන්ද්රා දෙන්නා එකතු වෙලා මේ ගවයාව සංසුන් කරන්න උත්සහ කරනවා…
මෙතනින් එහාට මොකද වුනේ…🤔 ඒක නම් කතාව බලලම තමයි හොයා ගන්න පුලුවන් මෙතනින් එහාට තමයි කතාවේ හොදම දේවල් වෙන්නේ.
නරේන්ද්රාටයි රාජීව්ටයි හරකව මෙල්ල කරගන්න පුලුවන් වෙයි ද? නැත්තම්…..
වාරාහී දේවියගේ ශාපය ඇත්තටම වාරාහී දේවියගේම ශාපයක් ද?
වංචාකාරයන්ගේ වෙස්මූනූ ගලවන අපේ සිද්දුට මේ දේවල් වල ඇත්ත හොයාගන්න පුලුවන් වෙයිද?
අන්තිම තත්පරේ ඉදන් කුතුහලය උපරිම මට්ටමක තියාගන්න පුලුවන්, අපි නොහිතන අවසානයක් තියන movie එකක් විදිහට මේක හදුන්වන්න පුලුවන්.
ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා මේ movie එක රස විදින්න වගේම මේ වගේ ලස්සන movies දිගටම බලන්න අපේ CineSub web site එකත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ආදරයෙ ඉල්ලනවා.එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් 😊



