ජීවිතය හෝ මරණය... මුහුදු රළ මත!

අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ 2026 සැප්තැම්බර් 10 තිරගත වෙච්ච අලුත්ම Tamil Sports Action Drama එකක් 🎬❤️ ඒ තමයි Comedy වලින් ඇවිත් දැන් Mass Hero කෙනෙක් වෙලා ඉන්න Soori ගේ අලුත්ම ෆිල්ම් එක Mandaadi සිංහල උපසිරැසි එක්ක.
නමේ තේරුම: Mandaadi කියන්නේ රාමනාතපුරම් පැත්තේ ධීවරයෝ කරන “රුවල් බෝට්ටු තරඟය / Traditional Sailing Boat Race” එකට කියන නම. මුහුද මැද තමන්ගේ ගෞරවය වෙනුවෙන් කරන සටනක් තමයි මේක.
🎬 චිත්‍රපටයේ විස්තර:
Mandaadi කියන්නේ 2026 සැප්තැම්බර් 10 තිරගත වුන Tamil Sports Action Drama එකක්. මේක Mathimaran Pugazhendhi ගේ අධ්‍යක්ෂණයෙන් හැදුන ෆිල්ම් එකක්.
සංගීතය G.V. Prakash Kumar ගෙන්. ‘Mandaadi Mandaadi’, ‘Kaivalavi Kulunga’ වගේ සින්දු ටික මේ වෙද්දිත් Hit වෙලා තියෙනවා. කැමරාව S.R. Kathir ගෙන්. ඒ මුහුද මැද Boat Race Scene ටික නම් වෙනමම Level එකක්. Edit එක Pradeep E. Ragav ගෙන්. Action Peter Hein & Dhilip Subbarayan ගෙන්.
ප්‍රධාන චරිත වලට Soori (Muthukaali ලෙස), Suhas (Saattapuli ලෙස – Tamil Debut), Mahima Nambiar, Sathyaraj, Mithun Jai Shankar (Maari ලෙස), Ravindra Vijay, Bala Saravanan වගේ පිරිසක් ඉන්නවා.
Runtime එක පැය 2 විනාඩි 34 යි.
📖 අපි එහෙනම් කතාව කතාව පැත්තට යමු…
රාමනාතපුරම් වල මුහුදුබඩ ගමක් වෙන මුකවයිපට්ටිනම් වල තමයි කතාව පටන් ගන්නේ. මේ ගමේ තරුණයෙක් වෙන Maari (Mithun) ගමේ බලවතා වෙලා ඉන්න Saattapuli (Suhas) වයි එයාගේ පුතයි එක්ක වලි දාගන්නවා. Boat Race Team ඔක්කොම එයාගේ Control එකේ තියාගෙන ඉන්න Saattapuli, Maari ව මරන්න හොයනවා.
එතනින් පණ බේරගෙන Maari දුවලා එන්නේ Chennai වල Theme Park එකක වැඩ කරන Muthukaali (Soori) ගාවට.
Muthukaali කියන්නේ කවුද? එයා ඇයි අවුරුදු ගාණක් තමන්ගේ ගමට ගියේ නැත්තේ? එයාගේ අතීතයේ මොකක්ද වෙලා තියෙන්නේ? තමන්ගේ ජීවිතේටම අනතුරක් කියලා දැන දැනත් ඇයි Muthukaali ආයෙම Maari ව එක්කන් ගමට යන්නේ?
ඒක දැනගන්න නම් ඔයාලට Mandaadi බලන්නම වෙනවා!
Viduthalai, Garudan, Kottukkaali වලින් පස්සේ Soori ගේ තවත් සුපිරි Transformation එකක් තමයි මේක. Comedy Actor කෙනෙක් වෙලා හිටපු Soori දැන් Mass Action Hero කෙනෙක් විදියට නැංගුරම වගේ Screen එකේම හිටිනවා කියලා හැමෝම කියනවා. Boat Race Scene වලට එයා දීලා තියෙන Body Work එක නම් අති විශිෂ්ඨයි.
Suhas Villain විදියට Terror Look එකෙන්ම ඉන්නවා. Mahima Nambiar ගේ Emotional Acting එකයි, Sathyaraj ගේ Experience එකයි ෆිල්ම් එකට ලොකු හයියක්.
පළවෙනි භාගය ටිකක් Slow වුනත්, දෙවෙනි භාගයේ Boat Race එක පටන් ගත්තම Film එක වෙනමම ගහනවා. Climax Race එක නම් Seat-Edge Thriller එකක්. S.R. Kathir ගේ Camera Work එකයි, G.V. Prakash ගේ BGM එකයි මුහුද මැද ඉන්නවා වගේ Feel එකක් දෙනවා.
සමහර තැන් වල Lip-Sync අවුල්, කතාව ටිකක් Predictable වුනත්, මීට කලින් Tamil Cinema එකේ දැකපු නැති අලුත් Sport එකක්, ඒ අවට තියෙන ජීවිත, යාලුකම – පාවාදීම වගේ දේවල් එක්ක බලන්න පුලුවන් සුපිරි Emotional Sports Drama එකක්.
Critic Rating එක 3/5 වගේ තියෙන, පවුලේ සැමට බලන්න පුලුවන් ෆිල්ම් එකක්!
ඉතින්, මුහුද මැද ගෞරවය වෙනුවෙන් කරන මේ සටනේ Muthukaali දිනුවාද කියලා බලන්න Mandaadi (2026) සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻

Comments

October 8, 2026

🥴 ඒත් මම හිතුවෙ නෑ ඌ අර තඩි නැංගුරම උස්සල ගහයි කියල කව්ද කයො මේකට imdb 8.9 දුන්නෙ

October 8, 2026

🥴 ඒත් මම හිතුවෙ නෑ ඌ අර තඩි නැංගුරම උස්සල ගහයි කියල කව්ද යකො imdb 8.9 දුන්නෙ

October 8, 2026

පට්ට මුවි එක 😪🤍

October 10, 2026

Movie ekanm supiriyak thama

October 11, 2026

ඒන්ජල්ට ආයේ ගහන්න ඇති නේ 😅🫶👊

October 12, 2026

Good

October 12, 2026

Soori hitiya thant ekka ada wedi main character ekkt awith tyenwa. Suori movie Eka aoorige acting nam next level. Thanaks cinesubz.lk