EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ජීවිතයක වටිනාකම

ආයුබෝවන් කාලෙකට පස්සෙ හිංදි චිත්‍රපටියක් කළා. ඒක බොහෝ දෙනා OTT release වෙනකල් බලා ගෙන හිටපු action thriller ඝණයට වැටෙන චිත්‍රපටයක්. තරමක් දුරට සාර්ථක සිනමා ශාලා ධාවන කාලයක් පහු කරලා ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑ ගාණක් හොයපු මේ චිත්‍රපටය MARDAANI ත්‍රිත්වයේ තුන් වැන්න. මේ චිත්‍රපටය උතුරු ඉන්දියාවෙන් පටන් ගත්තත් ඒකෙ Climax එක තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ කියන්නෙ මේක අපේ රටෙත් චිත්‍රපට ගත කරල තියෙනවා.
ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයිගෙ චරිතයෙන්. කුඩා ගැහැණු ළමයින් අතුරුදන් වීම සම්බන්ධ කතාවක් වන මෙහි එසේ අතුරු දහන් වන එක දැරියක් තානාපති වරයෙක්ගේ දියණියක් නිසා ඒ සම්බන්ධව පරීක්ෂණ කරන්න රෝයිගේ සහය ලබා ගන්නවා. කොහොමත් සුපුරුදු හින්දි ත්‍රාසජනක අච්චුවේ චිත්‍රපටයක් උනත් ත්‍රාසයෙන් කුතුහලයෙන් අවසන් වෙනකල් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.
ජන්කි බෝඩිවාලා, මල්ලික ප්‍රසාද්. ප්‍රජේශ් කාශ්‍යප්, වැනි නළු නිළියන් රඟන මෙහි අධ්‍යක්ශ්ණය අභිරාජ් මිනවාලාගෙන්. ඉතින් වැඩි විස්තර ඕනෙ නෑනේ. මේකත් බලන්න ආරාධනා කරනවා

Comments

February 18, 2026

Mardaani 2 oni

April 1, 2026

Korean Movies ටිකක් දෙන්නකො 🥹

April 1, 2026

Supriyk oyala asai mn hamdma balanwa watinwa godk rata eine apita aluth auwa dene eikmnta me fllm eke 2 oni

April 1, 2026

Supriyk oyala asai mn hamdma balanwa watinwa godk rata eine apita aluth auwa dene eikmnta me fllm eke 2 oni

April 16, 2026

Me pegs eknm maru ane hemadama fllm balanwa api patta rata eine apita meke athtama supriyk meke mage yaluwek dune link eke