EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නිවුන් සොහොයුරාගේ මරණයට හේතුව සොයා… (18+)

කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ 90 දශකයේ අපේ “ඇක්ෂන් වීරයා” වුණු ජීන් ක්ලෝඩ් වැන් ඩෑම්ගේ තවත් සුපිරි වැඩක්. වැන් ඩෑම්ගේ ෆිල්ම් කිව්වම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, ගුටි කෙළියයි වෙඩි තැබීම්වලයි අඩුවක්ම නැහැ. හැබැයි මේක ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස්, කුතුහලය පිරුණු කතාවක්.
විචාරක ප්‍රතිචාර,
• IMDb අගය: 5.6/10
• Rotten Tomatoes: 35%
සිනමාපටයේ තොරතුරු,
• අධ්‍යක්ෂණය : Ringo Lam
• ප්‍රධාන නළු නිළියන් :
• Jean-Claude Van Damme (Alain Moreau/Mikhail Suverov)
• Natasha Henstridge (Alex Bartlett)
• Jean-Hugues Anglade (Sebastien)
• Ivan Dzasokhov (Zach Grenier)
• වර්ගය : Action | Thriller | Crime
• ධාවන කාලය : පැය 1 මිනිත්තු 40
• වියදම : $25 Million
• මුළු ආදායම : $51.7 Million
​කතාව ගැන පොඩ්ඩක්:
​ප්‍රංශයේ පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරන ඇලයින් මොරෝ දවසක් අහම්බෙන් දකිනවා පාරේ සිද්ධ වුණු අනතුරකින් මියගිය කෙනෙක්ව. පුදුමය කියන්නේ, මේ මියගිය කෙනා හරියටම ඇලයින් වගේමයි!
​තමන්ට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා ඒ වෙනකල් දැනගෙන හිටපු නැති ඇලයින්, තමන්ගේ සහෝදරයාට වුණු දේ ගැන හොයන්න තීරණය කරනවා. ඒත් ඒ පස්සේ පන්නද්දී තමයි මෙයාට තේරෙන්නේ තමන්ගේ සහෝදරයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. එයා රුසියානු මාෆියාවත් එක්ක පැටලුණු කෙනෙක්.
​මියගිය සහෝදරයාගේ අනන්‍යතාවය අරගෙන ඇලයින් මේ අභිරහස පස්සේ යද්දී, රුසියානු මාෆියාව විතරක් නෙමෙයි, දූෂිත FBI නිලධාරීන් පවා මෙයා පස්සේ පන්නන්න ගන්නවා. ඉතිං ඇලයින්ට තමන්ගේ ජීවිතය බේරගෙන මේ ප්‍රහේලිකාව විසඳන්න පුළුවන් වෙයිද?
නරඹන්නන්ගේ අවධානයට,
​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
• නිරුවත් සහ ලිංගික දර්ශන
• දරුණු ප්‍රචණ්ඩත්වය
• අසභ්‍ය වචන
(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

Comments