Cast
Go Full Cast Pageමිනියන්ස්ලා සහා රාක්ෂයෝ
මෙදා පාර කතාවේ ඉන්නේ ජේම්ස් සහ හෙන්රි කියන අලුත් මිනියන්ස්ලා දෙන්නෙක්. මෙයාලා දෙන්නා තමන්ට හරියන විලන් කෙනෙක් හොයාගෙන 1920 ගණන්වල හොලිවුඩ් යනවා. එහෙදී වැරදීමකින් ෆිල්ම් සෙට් එකකට කඩාපාත්වෙන මේ දෙන්නා, නොහිතපු විදියට සිනමාවේ සුපිරිම තරු වෙනවා!
හැබැයි කතා කරන ෆිල්ම් ආවට පස්සේ මෙයාලාගේ ජනප්‍රියත්වය අඩු වෙලා යනවා. ඉතින් ආයෙත් ගේමක් ගහන්න හිතාගෙන, පරණ මන්තර පොතකින් ඇත්තම රාක්ෂයින්ව ගෙන්නලා තමන්ගේම ෆිල්ම් එකක් හදන්න යනවා. ඉතින් මිනියන්ස්ලා වැඩක් කරොත් නාසති වෙනවාමනේ! මුළු ලෝකෙම අවුල් ජාලාවක් වෙන පිස්සු කෙළියක් තමයි ඊට පස්සේ වෙන්නේ.
පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් හිනාවෙවී බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් මේක. එහෙනම් බලලා පහලින් කමෙන්ට් එකක් දාන් යන්න. තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා! 🍌
Share
Links
Comments











