EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සිනමාවේදියෙකුගේ ජිවිත කතාව

මෙයාගේ නම තමයි විනිත් මාධවන්. කුට්ටික්කානම් වල ඉපදිලා මලයාලම් සිනමාවේ හොදම හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්නයි එයාගේ ආසාව. මේ චිත්‍රපටය පුරාවටම යන්නේ එයාගේ ඒ හීනය සපුරන්නේ කොහොමද, සිනමා කර්මාන්තයේ තියෙන කටුකත්වය ඉදිරියේ එයා යන මේ ගමන සාර්ථක වෙයිද යන ප්‍රශ්න වලට උත්තරයන්.
12th Fail හින්දි චිත්‍රපටය මතකද කට්ටියට.. ඇත්තටම ඒ චිත්‍රපටයේ යන්නේ IPS මනෝජ් කුමාර් ශර්මාගේ කතාව නොවැ.. කෙනෙක්ට හිතෙයි අද මං මේ ගේන්න හදන එකත් මං කියපු ෆිල්ම් එක වගේම එකක් කියලා. අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි කතාන්දරය පොඩ්ඩක් වෙනස්. අද මේ මං ගේන්නේ කොහොම කට්ටක් කන්නම ඕනෙද එලෙසම කට්ට කාලා බාධක මැද්දේ ගිහින් තමන්ගේ හීනය සපත කරන්න උත්සහ කරපු සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ කතාව. හැබැයි අර 12th fail කතාව යන්නේ කට්ට කාලා තැලෙන්න ඕනේ තැන් වලින් තැලිලා හැදිච්ච පොලිස් නිලධාරියෙක් වුනු කෙනෙක්ගේ කතාව.
අභිනව් සුන්දර් නායක්.. මේ නම නෑහුණ කෙනෙක් ඉදියොත් ඉතින් පුදුමයක් නෙවෙයි හැබැයි, විශ්වාස කරන්න.. මෙයාගේ අධ්‍යක්ෂක පට්ටමට තියෙන්නේ එකම එක චිත්‍රපටයයි.. ඒ වෙන මොනවත් නෙවෙයි ‘මුකුන්දන් උන්නී ඇසෝසියේට්ස්’ කියන 2022 දි තිරගත කරපු චිත්‍රපටය. (පුළුවන් වුනොත් මේකට උපසිරැසියක් දෙන්නම්.) මෙයා ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ චිත්‍රපට සංස්කාරකවරයෙක් විදිහට. ඉතින් තමන් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට දෙකම තමන්ම සංස්කරණය කරනවා කියන්නේ.. හිතාගන්න කෝ. මේ ගේන්නේ එයාගේ දෙවෙනි චිත්‍රපටයේ උපසිරැසිය.
මේකත් කලින් කරපු Masthishka Maranam චිත්‍රපටයේ අහියෝගයම හා සමානව යන වැඩක්. ඇත්තටම මේකටත් වුනේ අර සන්තැසියම තමා ඉතින්. ඒත් වෙනස තියෙන්නේ මේක ‘චිත්‍රපටයක් ඇතුලේ සිනමාවක් ‘ වුනු එක. අරක විද්‍යාව හා සම්බන්ධ දෙයක් නොවැ. හැබැයි නස්ලෙන් කොල්ලගේ අනිත් ඒවා දීලා මේක නොදුන්නොත් ප්‍රේක්ෂකයින්ට කරන ලොකු අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ. ඉතින් ඒ හින්දම ඔන්න හෙනම කට්ටක් කාලා ඔන්න ගෙනාවා උපසිරැසිය. දැන් ඉතින් බලන්නයි තියෙන්නේ.
කතා ඇති නේ? එහෙනම් යමු විස්තරේට.
මොලිවුඩ් ටයිම්ස් (ඉංග්‍රීසියෙන්: Mollywood Times, මලයාලමෙන්: മോളിവുഡ് ടൈംസ്) කියන්නේ මේ අවුරුද්දේ ජුනි 5 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටයක්. මේකේ අධ්‍යක්ෂණය අභිනව් සුන්දර් නායක්ගෙන්. නිෂ්පාදනය ආශික් උස්මාන්ගෙන්. මෙයාව මතක නැත්නම් 2020 තිරගත කරපු අන්ජාම් පාතිරා බලන්නකෝ. ඒකේ නිෂ්පාදක වරයා වෙන්නේ එයාම තමයි. සංගීත අධ්‍යක්ෂණය පල්ලිචට්ටම්බි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරපු ජේකස් බිජෝයිගෙන්. (දෙවෙනි වතාවට ජේකස් ලොක්කා සංගීතවත් කරපු එකකුත් උස්සන් ආවා) මේක අයිති වෙන්නේ psychological / dark comedy ගණයට. හැබැයි ඉතින් එහෙම psychological වලට බර පැත්තක් නම් පේන්න තිබ්බේ නෑ, බයෝපික් එකක් වගේ තමයි පෙනුනේ නම් මට..
විශේෂයෙන් මේ චිත්‍රපටය හැදෙන්නේ ‘The Fountainhead’ කියන රුසියානු කෘතිය ආශ්‍රයෙන්.
රංගනයෙන් නස්ලෙන් එන් ගෆූර්, ශරෆ් යූ ධීන්, විනිත් ශ්‍රීනිවාසන්, සංගීත් ප්‍රතාප්, රොෂාන් ශානාවාස්, ගෝපිකා රමේෂ්, ජගදිෂ්, ප්‍රශාන්ත් ඇලෙක්සැන්ඩර්, මෑතකදී නැසීගිය සලීම් කුමාර්ගේ පුතා වෙන චන්දු සලීම් කුමාර් ද, විශේෂ රංගනයෙන් ආර්ශා චාන්දිනි බයිජු සහ බැසිල් ජෝසප් ද රංගනයෙන් දායක වෙනවා.

Comments