EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… කොහොමද කට්ටියට? අදත් අපි ආවා ඔයාලට වෙනස්ම විදිහේ පට්ටම ෆිල්ම් එකක් ගැන විස්තර අරගෙන. අද අපි කතා කරන්න යන්නේ සුපිරිම ෆිල්ම් එකක් ගැන. කම්මැලිකමක් නැතුව එක දිගටම ලොකු කුතුහලයකින් බලන්න පුළුවන් නියම කතාවක් තමයි මේක.
මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ තියෙන හීතලම හීතල ශීත ඍතු රාත්‍රියකින්. තමන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්න නිසා, විශේෂයෙන්ම සල්ලි ප්‍රශ්න නිසා හොඳටම හිරවෙලා ඉන්න මිනිස්සු තුන් දෙනෙක් එකතු වෙලා පිස්සුම වැඩක් කරනවා. ඒ තමයි මෙයාලා එකතු වෙලා මුළු ATM මැෂින් එකක්ම ගලවගෙන හොරකම් කරන එක! මේ ලොකු ATM මැෂින් එකත් උස්සගෙන එයාලා හැංගෙන්නේ පාළු වතුර මෝටර් කාමරයක (tube well motor room එකක). දැන් මේ තුන්දෙනාට ඕනේ කොහොමහරි රෑ එළිවෙන්න කලින් මේ මැෂින් එක කඩලා, සල්ලි ටිකත් අරගෙන ඉක්මනටම එතනින් පැනගන්න.
හැබැයි ඉතින් හොරකම් කරනවා වගේ ලේසි නෑනේ මැෂින් එක කඩන එක. රෑ පුරාම මුන් තුන්දෙනා මේක කඩන්න දරන උත්සාහය නම් මාරම ආතල්. එක පැත්තකින් මහන්සිය, අනිත් පැත්තෙන් සල්ලි නිසා එකිනෙකා ගැන ඇතිවෙන සැකය. මේ දේවල් එක්ක මෙයාලා අතරේ යන රණ්ඩු බැලුවම …….. ඒ වගේම ඊළඟට මෙයාලා මාට්ටු වෙයිද, නැත්නම් සල්ලි අරන් පනියිද කියන කුතුහලයත් ෆිල්ම් එක පුරාම තියෙනවා.
චරිත ගැන කතා කළොත්, මේ චරිත තුන නම් මාරම තාත්විකයි. අපේ සමාජෙත් මේ වගේ සල්ලි පස්සේ යන, ප්‍රශ්න වලට හිරවුණු යාළුවෝ ඉන්නවා නේද කියලා හිතෙන තරමටම එයාලගේ රඟපෑම පට්ට. එයාලගේ කෑදරකම සහ කලබලය නිසාම උදේ වෙද්දි මෙයාලට හිතාගන්නවත් බැරි, අමුතුම දේකට මූණ දෙන්න සිද්ධ වෙනවා. කතාව අගදි එන ඒ twist එක නම් ඇත්තටම කවුරුවත් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි.
ඉතින් වෙනස්ම විදිහේ ආතල් එකක් ගන්න ගමන්, යාලුවොත් එක්ක සෙට් වෙලා බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න කියලා මම රෙකමන්ඩ් කරනවා.
අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා.

Comments