EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Monolith (2016) Sinhala Subtitles | තාක්ෂණය පැරද වූ මව් සෙනෙහස

සුබ දවසක් වේවා යාළුෙවෝ හැමෝටම මම බයිස්කෝප් වෙබ් අඩවිය සමග සම්බන්ද වී ලබා දෙන පළමු උපසිරැසිය මෙයයි. පලවෙනි එක නිසා අඩු පාඩු එහෙම බොහෝමයක් ඇති. ඉතිං ඒවට හිනි නොවී ඒවත් හදාගෙන උපසිරැසි කරනයෙන් මට ඉහලටම යන්න බයිස්කෝප් ලෝලී ඔබ සියළු දෙනාමට මට උදව් උපකාර කරවී කියලා හිතන ගමන්ම මම අද මේ අරගෙන ආපූ Monolith කියන 2016 දී නිකුත් කරනු ලැබු චිත්‍ර පටය ගැන පොඩ්ඩක් දැන ඇදින ගමුකෝ…

හරි ඉතිං අපි මුලින්ම මේ චිත්‍රටය තුල රංගනයෙන් දායක වෙන්න කවුද එතකොට මේකේ අද්‍යක්ශක වරයා කවුද මේක මොන වගේ චිත්‍රපටයක් ද තේ තේමාව මොකද්ද වගේ යන ටික ඉස්සෙල්ලමා. හරි ඉතිං මම මුලින් කිවුවා වගේ මෙය අද්‍යක්ශනය කරලා තියෙන්නේ Ivan Silvestrini කියන විශිශ්ටතම චිත්‍ර පට අදයක්ශක වරයි ඔහු විසින් මෙම කාතාව තුල ගැබ් වෙන චරිත වලට උපරිම සාදාරනයක් ඉටු කිරිමට තෝරගත් පුද්ගලයින් කිහිප දෙනෙකි

Katrina Bowden
Krew Nixon Hodges
Brandon Jones
Damon Dayoub
Jay Hayden
Justine Wachsberge මේ අය

ඉතිං ඉංග්‍රීසී බසින් ඉතාලියේදී 2016 අගෝස්තු 26 වෙනිදා එළි දක්වන මෙම සිනමා පටය 10/4.3 ගූගල් පරිශීක ප්‍රතිශතයක් සබා ගැනීමටද සමත් වෙලා ඉතියෙනවා.

ඉතිං ඔය මදෑ නේද හරි එහෙනම් අපි කතාව පැත්තට හැරිලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඉතිං මේ කතාව බලන මොහොතක් මොහොතක් පසා අපේ හදවසේ ගැස්මක් ඇති වෙනවා ඊලගට මොකක් වෙයිද කියන ඒ කුතුහලය නොමනාව පාඨකයට දීලා තියෙනවා.

ඉතිං මේ Monolith කියන්නේ අලුත්ම තාක්ශනයේ නිපදවන ලද මෝටර් රතයක්. මුලු ලෝකයේම තියෙන ආරක්ශිතම සහ ස්මාර්ට මෝටර් රතය තමා මේක. මේක හදුන්වලා දීලා තියෙන ෆීචර් එකක් තමා මේක කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඇතුලින් ලොක් කරගත්තොත් ආයේ කටවත්ම අරින්න නම් බෑ.

(ස්ක්‍රීන් ශොට් ටිකක් මම පල්ලයාහින් දාලා තියන්නම් )

වැඩි නොවදින කන්නාඩී, කෘතීම බුද්දිය, සුපිරි බොඩි ස්කීන් එකක් , කාල ගුණ 25 කට ඔරොත්තු දෙන තාක්ශනය මේ වගේ හිතාගන්නවත් බැරි තරම් වැඩ කෑලි ගොඩාක් තියෙනවා. ඉතිං මේකේ අපේ කතා නායිකාව වෙන සැන්ඩ්‍රා එයා එයාගේ බබත් එක්ක මේ කාර් එකේ ගමනක් යනවා . මේ යන අතරේ හදීසියේ ඔවුන් යන මාර්ගය වෙනස් කර වෙනම කාන්තාරයක වගේ පාරක යනවා. මෙහෙම යනකොට හදීසීයේ වාහනේ නතර කරලා සැන්ඩ්‍රා බහිනවා එතකොටම එයාගේ බබත් එක්කම කාර් එක ඇතුලෙන් ලොක් වෙනවා.

මෙතනින් එහාට කතාව කියන්න ගියොත් රසය නැති වෙලා යාවී.මොනවයෙන් මොනා වේවිද කියලා ඔයාලම බලන්නකෝ එහෙනම්.

හරි එහෙනම් තවත් මෙවැනිම ලස්සනම ලස්සන චිත්‍ර පටයක උපසිරැසිත් සමග හමු වෙමු

Comments

April 19, 2025

♥️