නිහඬ පලිගැනීම

කතාව පැත්තට ගියොත්, මේ ෆිල්ම් එක දිගහැරෙන්නේ 1977 අවුරුද්දේ Detroit නගරයේදී. ජෝන් මිලර් කියන්නේ නොකරපු වරදකට අහුවෙලා හිරේ යන්න සිද්ධ වුණු තරුණයෙක්. මෙයාට මේ උගුල අටවන්නේ බලවත් ගැන්ස්ටර් කෙනෙක් ඒ විතරක් නෙවෙයි, ජෝන් හිරේ ඉද්දි ඒ ගැන්ස්ටර් ජෝන්ගේ පෙම්වතියවත් එයාගෙන් උදුරගන්නවා.
හිරෙන් එළියට ආපු ජෝන්, තමන්ගේ ජීවිතේ විනාශ කරපු ඒ කල්ලියෙන් පලිගන්න නොනවත්නා මෙහෙයුමක් පටන් ගන්නවා.
මේ ෆිල්ම් එකේ තියෙන විශේෂම දේ තමයි දෙබස් තියෙන්නේ ඉතාම අඩුවෙන්! මුළු කතාවම දිගහැරෙන්නේ පට්ටම රොක් මියුසික් පාරකුයි, සුපිරි ඇක්ෂන් සීන් ටිකකුයි හරහායි. මේ ෆිල්ම් එක ඇක්ෂන් පිස්සන්ට නම් වෙනස්ම අත්දැකීමක් වේවි.
තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments