EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageවද දුන් අයට දඬුවම් දීමට සොහොනෙන් නැගිට ආ බිහිසුණු ආත්මය!
කොහොමද හැමෝටම, ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ බලද්දී ඇඟ කිලිපොලා යන පට්ටම ඉන්දුනීසියානු හොරර් (Supernatural Horror) ෆිල්ම් එකක්. මේකේ නම තමයි Munkar (මුන්කාර්).
2024 පෙබරවාරි 7 වැනිදා ඉන්දුනීසියාවේ තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දුනීසියානු ප්‍රසිද්ධ අධ්‍යක්ෂක Anggy Umbara විසින්. ඒ වගේම Adhisty Zara, Ratu Sofya සහ Saskia Chadwick වැනි දක්ෂ රංගන ශිල්පිනියන් පිරිසක් මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවනවා.
මොකක්ද මේ කතාව?
මේ කතාව සිදුවන්නේ ඉන්දුනීසියාවේ තියෙන සාම්ප්‍රදායික ඉස්ලාමීය නේවාසික පාසලක (පෙසන්ට්‍රෙන් – Pesantren). මේ පාසලේ ඉගෙන ගන්න හර්ලිනා කියන ගැහැණු ළමයා, එහේ ඉන්න සුල්ෆා , ඔබී සහ දිලා කියන ශිෂ්‍යාවන්ගෙන් නිතරම දරුණු විදිහට නවක වදයට වගේම හිංසාවලට ලක්වෙනවා.
දවසක් මේ වදහිංසා ඉවසන්න බැරිම තැන හර්ලිනා නේවාසිකාගාරයෙන් පලායන්න උත්සාහ කරනවා. හැබැයි අවාසනාවන්ත විදිහට ඇය පාරේදී මාරක රිය අනතුරකට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වෙනවා. තමන්ගේ එකම දුවගේ මේ අකල් මරණය දරාගන්න බැරිවෙන හර්ලිනාගේ දෙමාපියන්, ඇගේ සිරුර අරන් කෙළින්ම යන්නේ ගුරුකම් කරන මායාකාරයෙක් (රුමා දුකුන් – Rumah Dukun) ළඟට.
එතැනදී ඔවුන් සන්තෙට් කියන අඳුරු මායාව පාවිච්චි කරලා, ඛෝඩම් කියන භූත බලවේගයක උදව්වෙන් හර්ලිනාගේ සිරුරට නැවත පණ දෙනවා. ඊට පස්සේ තමන්ගේ දුවට වද දීපු නේවාසික පාසලේ අනෙක් ගැහැණු ළමයින්ගෙන් දරුණු ලෙස පළිගැනීම සඳහා ඇගේ ආත්මය නැවත ඒ පාසලටම පිටත් කරලා හරිනවා. මියගිහින් සතියකට පස්සේ හර්ලිනා කිසිම දෙයක් වුණේ නැහැ වගේ ආයෙත් පාසලට එනවා. ඉන්පස්සේ සිද්ධ වෙන්නේ මොන වගේ බිහිසුණු දේවල්ද කියලා ඔයාලම ෆිල්ම් එක බලලම දැනගන්න!
ෆිල්ම් එක බලන්න කලින් මේ ටිකත් දැනගන්න!
චිත්‍රපටය පුරාම ඉස්ලාමීය පසුබිමක් තියෙන නිසා ඔයාලට නිතරම දකින්න ලැබෙන චරිත, ස්ථාන සහ විශේෂ වචන කිහිපයක් මෙන්න:
උස්තාදා: පාසලේ ඉන්න ආගමික ගුරුවරියන් / පාලිකාවන්.
ක්යායි මුස්තෝෆා : පාසලේ ප්‍රධාන ආගමික නායකයා.
අස්රාමා : ළමයි නවතින නේවාසිකාගාරය.
මුෂොල්ලා : නේවාසිකාගාරය ඇතුළේ තියෙන කුඩා වන්දනා කාමරය.
කමාර් මන්දි : නාන කාමරය (ෆිල්ම් එකේ ගොඩක් බය හිතෙන දර්ශන සිද්දවෙන්නේ මෙතැනදී).
මුන්කාර් (Munkar): වැරදි කළ අයට සොහොනේදී දඬුවම් පමුණුවන දේවදූතයාගේ නම.
චිත්‍රපටයේ එන ආචාර විධි
මෙයාලා එකිනෙකා හමුවෙද්දී “අස්සලාමු අලෙයිකුම්” කියලා ආචාර කරන අතර, ඊට පිළිතුරු විදිහට “වඅලෙයිකුමුස්සලාම්” කියා පවසනවා.
ලස්සන සමාජීය පණිවිඩයක් එක්කම, කුතුහලයෙන් සහ දැඩි බියකින් යුතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම හොරර් ෆිල්ම් එකක් තමයි මේක. දැනටමත් Netflix හරහා නිකුත් වෙලා තියෙන මේ චිත්‍රපටය සිංහල උපසිරසි එක්කම බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු,ජයවේවා!



