Cast
Go Full Cast Pageඅධම ඝාතකයාගේ නොමළ ආත්මය
හැමෝටම සුභ දවසක්! අද මම අරගෙන ආවේ 2026 ඔක්තෝබර් නිකුත් වුණු, ප්රේක්ෂක සහ විචාරක අවධානය දිනාගත් සුපිරිම ජපන් හොල්මන් චිත්රපටයකට සිංහල උපසිරැසියක්. කලින් බලල තියෙන සාමාන්ය හොල්මන් කතාවලට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහේ කතාවක්. Ring (1998), Ju-On : The Grudge (2002) වගේ ජපන් හොල්මන් චිත්රපට ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේවට Hollywood ෆිල්ම් පවා හැදුනා.. ඉතිං මේ අලුත්ම චිත්රපටියත් ඒ වගේම සුපිරියක්.
මේ ෆිල්ම් එක තමයි, Never After Dark (2026) (ජපන් බසින්: ネバーアフターダーク). Dave Boyle විසින් අධ්යක්ෂණය සහ තිර රචනය කරපු මේ ෆිල්ම් එක Horror / Mystery / Supernatural / Thriller ගණයට තමයි අයිති වෙන්නේ. IMDb අගය 6.9ක් සහ Rotten Tomatoes 98%ක ඉතා ඉහළ අගයක් ගන්න සමත් වුණු මේ චිත්රපටය SXSW සිනමා උළෙලේදී පවා සම්මානයෙන් පිදුම් ලැබුවා.
මේ කතාවෙ ප්රධාන චරිතය තමයි, අතරමං වුණ, ආත්මවලට සහනයක් දීලා ඒ අයව අනිත් ලෝකයට යවන අද්භූත හැකියාවක් තියෙන ‘අයිරි’ (Airi – Moeka Hoshi) කියන තරුණිය. අයිරිට එයාගේ මියගිය අක්කගේ ආත්මය දකින්න වගේම එයත් එක්ක කතා කරන්නත් පුළුවන්. එයා මේ හොල්මන් අල්ලන වැඩේ කරන්නෙ මහ දවල්, මොකද, අපි ඉන්න ලෝකයත් මළවුන්ගේ ලෝකයත් අතර සීමාව දවල් කාලයේ වඩාත් ආරක්ෂිතයි කියලා එයා විශ්වාස කරන නිසා.
දවසක් පාළු ගමක තානායමක ඉන්න මහ භයානක ආත්මයක් අල්ලගන්න අයිරිට මේ තාමායමේ අයිතිකරු කතාකරනවා. හැබැයි මේ තැන තියෙන රහස් සහ අතීතය ගැන හොයද්දි, අයිරිට තමන් කලින් කිසිම දිනෙක මුහුණ නොදුන්නු භයානක අද්භූත බලවේගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙයා මේ ආත්මය ගැන හොයාගෙන යනකොට එයාට දැන ගන්න ලැබෙනවා, මේ ආත්මය පණ තියෙන මිනිහෙක්ගෙ ආත්මයක් කියල.. මොකක්, මොකක්ද අනේ ඒ හරුපෙ.. ඒකනෙ ඒ ගැන දැන ගන්න නම් චිත්රපටිය නරඹන්න කියල මම ඔයාලට ආරධනා කරනවා.හැමෝටම සුභ දවසක්!











