Cast
Go Full Cast Pageමනෝ-ව්‍යාධික
‘Night Nurse’ 2026 වසරේ නිකුත් වුණු Psychological ශානරයේ චිත්‍රපටයක්.. පැයකුත් තව අඩ හෝරාවක් ධාවනය වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 4.2 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 66% ක අගයක් ලබාගෙන තිබෙනවා.
මතුපිටින් සරලව මවාපාන කතාවේ චරිත අභ්‍යන්තරයේ පවතින මනෝවිද්‍යාත්මක සියුම් ගවේෂණයක් අපිට කතාව පුරාවට දැකගන්න ලැබෙනවා, මානව හැඟීම් අගුළු වැටුණ විටෙක මානවයා වියරු වැටෙන ආකාරය සීමිත චරිත ගණනක් ඔස්සේ විදහා පාන අයුරු දැකගන්න මෙමගින් අවස්ථාව ලැබෙනවා.
ඩග්ලස් කියන්නේ ජීවිතයේ සැදෑ සමය නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙක්, මතුපිටින් නොපෙනන මුත් අභ්‍යන්තරය අභිරහස් වූ මේ රෝගියාට ආවතේව කරන්න එන අළුත්ම හෙදිය තමයි ‘එලේනි’ මෙයාගේ වැඩමුරය වැටෙන්නේ රාත්‍රී කාලෙට. අභිරහස් රෝගියෙක් එක්ක වසන මේ තරුණ ජීවිතය කොයි දෙසට ගලාගෙන යාවිද කියන ප්‍රශ්නාර්ථය මේ ඔස්සේ පැනනගී. තමන්ගේ වෘත්තීය පසෙකලා හැඟීම් වලට මුල්තැන දීමෙන් තමන්ගේ සහ තමන්ගේ රෝගියාගේ මනෝභාවයන් එක්ක කරන මේ ගණුදෙණුව මොන විදිහේ එකක් වේවිද?











