Cast
Go Full Cast Pageවනාන්තරයේ අඳුරු දරුවා
හායි යාලුවනේ! ඔන්න තවත් පට්ටම Horror ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා!
කතාව පැත්තට ගියොත්, සාගා සහ ජෝන් කියන ජෝඩුව සාගාගේ ආච්චිගේ පරණ ගෙදර ආයේ හදාගෙන ජීවත් වෙන්න ෆින්ලන්තයේ අඳුරු කැලෑවක් අයිනට යනවා. හැබැයි මෙහෙදී සාගාට හම්බවෙන කුරා කියන පිරිමි බබා උපතින්ම අමුතුම විදියේ බියකරු කෙනෙක්!
අව්වට පිච්චෙන, කිරි වෙනුවට ලේ සහ අමු මස් ඉල්ලන, යකඩ දැක්කම බය වෙන මේ අද්භූත දරුවා නිසා මුළු ගෙදරම එක එක විදියේ පිස්සු කෙළි වෙන්න පටන් ගන්නවා.
දරුවාගේ මේ වැඩ පිටිපස්සේ කැලෑවේ තියෙන අද්භූත බලවේගයක් තියෙනවා, මං වැඩියෙන් කියන්න යන්නෙ නෑ, සීන් එක මොකක්ද කියලා ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ!
එහෙනම් බලන්නකෝ. ආයෙත් ඉක්මනටම උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජය වේවා!
Share
Links
Comments










