Cast
Go Full Cast Pageආයුබෝවන් යාළුවනේ ඔන්න අදත් මම අළුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙන ආවේ නිළල් නමින් නිකුත් වුනු මේ ෆිල්ම් එකේ මොකද්ද වෙන්නේ කියලා අපි දැන් වැඩි කතා නැතුව බලමු
Tamil සිනමාවේ “ද්විත්ව චරිතය” කියන්නේ වීරයින්ට විතරක් කියන tag එකක් ගහලා තියෙනවා. ඒ නිසා වීරවරියක් ද්විත්ව චරිතයක් කරන එක Kollywood වල හරිම අඩුවෙන් වෙන දෙයක්.
මේ ෆිල්ම් එකේ ‘Bigg Boss’ ප්‍රසිද්ධ Janani ද්විත්ව සහෝදරියන්ගේ චරිත 2ක් කරලා තියෙනවා. මේ ද්විත්ව චරිතය පාවිච්චි කරලා Crime Thriller එකක් හදන්න අලුත් අධ්‍යක්ෂක A.K. Kumar උත්සාහ කරලා තියෙනවා. එයාට ඒකෙන් ජය ලැබුණාද කියලා බලමු.
Dr. Ramya (Janani) කියන්නේ පෞද්ගලික රෝහලක වැඩ කරන Doctor කෙනෙක්. එයා Sub Inspector Vishagan එක්ක ආදරෙන් ඉන්නේ. Doctor කෙනෙක් නිසා පෙම්වතා එක්ක වෙලාව ගත කරන්න බැරි නිසා, එක දවසක් එයා වගේම හරියටම පේන එයාගේ නිවුන් සහෝදරිය Saranya (Janani) ව රෝහලට එයා වෙනුවට යවනවා. යනකොට එයාගේ Doctor යාළුවන්ට “එයාගෙන් පරිස්සමට බලාගන්න” කියලා කියලා, පෙම්වතා එක්ක bike එකේ යන්න යනවා.
තමන්ගේ සහෝදරිය වෙනුවට Dr. Ramya විදිහට රෝහලට ගිය Saranya එකපාරටම බලාපොරොත්තු නොවුණු ලිංගික අපරාධයක් දකිනවා. ඒකට වගකිව යුතු අයගෙන් බේරෙන්න යනකොට එයාට මොකද වෙන්නේ? Saranya ව එයාගේ සහෝදරිය Ramya ගලවාගන්න පුළුවන් වෙයිද? කියන එක තමයි ෆිල්ම් එකේ ඉතුරු කතාව.ඉතින් මම ආරාධනා කරනවා මේ ෆිල්ම් එකත් රසවිඳින්න කියලා සුභ දවසක් යාළුවනේ එහෙනම්


