EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageගුවනේ දළු ලා ගිය ආලය
Office Romance 2026 අවුරුද්දේ නිකුත් වුණු හොලිවුඩ් සිනමාපටයක්… පැය එකකුත් මිනිත්තු 55 ක ධාවන කාලයක් හිමි සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Ol Parker විසින්… IMDb දර්ශකයේ 5.8 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 49% ක අගයක් ලබාගත්තු සිනමාපටය Romance, Drama ශානරයට අයත් වෙනවා.
කතාව මෙහෙමයි.. එයාර් කෲස් කියන්නේ නිව් ජර්සි වල තියෙන මුල් බැස ගත් අති දැවැන්ත එයාර් කම්පැනි එකක්.. මේකේ අයිතිකාරයා තමයි කැප්ටන් ජැක් කෲස්.. මෙයාගේ දුව තමයි ‘ජැකී කෲස්’ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි වගේම ගායිකා ‘Jennifer Lopez’ තමා මේ චරිතයට පණ පොවන්නේ.. ජැකී තමයි මේ කම්පැනි එකේ CEO… කම්පැනි එකේ නීති අංශයේ බොස් විදිහට වැඩ කරන්නේ පීටර් වෑන්ස්.. නමුත් මෙයා අකරතැබ්බයකට මූණ දීලා ඉන්න වෙලේ අළුත් ලෝයර් කෙනෙක් එනවා කම්පැනි එකට එයා තමයි ‘ඩැනියෙල් බ්ලැන්ච්ෆ්ලවර්’ ට්‍රේලරය එහෙම බැලුවනම් ඔයාලා දකින්න ඇති මේ ඩැනියෙල් සහ ජැකී අතර ඇතිවෙන ආදර කතාව තමයි සිනමාපටයට පාදක වෙන්නේ.. කොටින්ම කීවොත් මේක CEO-සේවක ආදර කතාවක්.. එතකොට තේරෙනවනේ වෘත්තියමය පැත්තෙන් ආදර හැඟුම් වලට ඉඩදෙද්දි මේ දෙන්නට කොච්චර නම් බාධක වලට මූණ දෙන්න වෙයිද කියලා.. මීට වඩා කතාව කියන්න වුවමනා නෑ… මේ දෙන්නට දෙන්නා ඇත්තටම ආදරේ කරනවද? ආදරේ ජයගන්න දෙන්නටම වෘත්තීයමය ජීවිතය බාධාවක් වෙයිද? කියන කාරණා ලිහාගන්න නම් සිනමාපටය නරඹන්නම වෙනවා… හරි ලස්සන Shots කීපයක් එක්ක ලස්සන Backgrounds අස්සෙන් ඔයාට වෙනම ලෝකෙකට යන්න ආරාධනා!











