Cast
Go Full Cast Pageආයූබෝවන් ඔයාලා හැමෝටම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2026 රිලීස් වුන අලුත්ම කතාවක්. මෙ කතාවෙ නම Oh sukumari . මේකතාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ජනප්රිය දමිල ච්ත්ර පටි නිලියක් වන අශ්වර්යා රාජේශ් සහා සුපිරි නළු තිරුවීර් යන අයයි.
අපියමු කතාව පැත්තට. කතාව ආරම්බයේම අපිට දකින්න ලැබෙන්නේ මැර කල්ලියක් විසින් ගම් වල ළමයින් පැහැර ගෙන යන විදිහ. එතන එක පොඩි ගෑනු ළමයෙක් ඉන්නවා එයාගේ නම දාමිනී. ඉතින් මේ ළමයව අල්ලගන්න එන හැමෝටම විදුලියක් වදිනවා. ඉතින්මේ මැරනායකයා මේ වෙලාවෙදී පසු බහිනවා හැබැයි දාමිනී ගේ තාත්තා මේ සිදුවීම නිසා ගම දාලා යන්න තීරනය කරනවා. කාලය ගතවෙලා යද්දී දාමිනී ලස්සන තරුනියක් බවටපත් වෙනවා.
මේ අතරේ අපේ කතාවේ හීරෝ ඒකියන්නේ යාදී ගමේ ලොකු පවුලක කෙනෙක්.එයා ගේ සීයා මැරෙනකොට අවසන් කැමැත්තක් ලියලා තියනවා ඒකේ තියෙන්නේ මුලින්ම දරුවෙක් හදන මුහුපුරාට මේ දේපල අයිති වෙනවා.
ඉතින් මේ යාදී කොහොමහරි බදින්න කෙල්ලෙක් හොයාගෙන.දාමිනී ජීවත් වෙන ගමට එනවා ඉතින් මේ වෙලාවේ දාමිනීව දකින යාදිට එයාගැන කැමැත්තක් ඇතිවෙනවා. මෙතනින් එහාට තමයි ඉතින් කතාවේ හොදම ටික බලා ගන්න පුලුවන් වෙන්නේ. ඇල්ලුවාම කරන්ට් එක වදින කෙල්ලව යාදි බදීද? බැන්දොත් යාදි ට මොනවගේ දේවල් වෙයිද?
කොමඩි, රොමෑන්ස් සහ ෆයිටින්ග් සීන් තියන මේ මූවී එක පවුලේ හැමෝටම හොදට හිනාවෙවී බලන්න පුලිවන් රසවත් ෆිල්ම් එකක්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ මූවී එක බලන්න කියලා. සුබ දවසක් ඔයාලා හැමෝටම!



