EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔවුන්ගෙ ඉරණම

ටෲ බියුටි කතා මාලාවේ ලිම් ජු ක්යොන්ග්ව මතකයි නේද? අන්න ඒ චරිතයට පණ දුන්න මුන් කා යොන්ග් තමා මේ චිත්‍රපටියේ ප්‍රධාන කාන්තා චරිතය වන ජොන් වොන්ගෙ චරිතය රග දක්වන්නෙ. True Beauty කත මාලාවට අමතරව My Dear Nemesis, The interest of love, Link: Eat, Love, Kill යන කතාමාලා වලත් මැය රග දක්වා තියෙනවා.
කූ ක්යො හ්වන් (Koo Kyo Hwan) යුන් හෝ ලෙස.
D.P/D.P Season 2 කතාමාලා වල හන් හෝ යොල් නැත්තම් Parasite: The Grey කතාමාලාවේ සොල් කන්ග් වූ කියන චරිත නිරූපණය කරපු කූ ක්යො හ්වන් තමා මේ චිත්‍රපටියේ ලී යුන් හෝ කියන ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කරන්නෙ.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ඉතාමත් අහඹු ලෙස සිදුවන හමුවීමකින් තමා මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. යුන් හෝ කියන පිරිමි ළමයයි ජොන් වොන් කියන ගෑණු ළමයයි බස් රථයකදි තමා අහඹු ලෙස හමුවෙන්නෙ. ඔවුන්ට මුහුණ දෙන්න වෙන අකරතැබ්බක් නිසා යුන් හෝ ජොන් වොන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. මෙන්න මේ අහඹු හමුව මෙයාලගෙ ජීවිත වෙනස් කරනවා. ආගන්තුකයින් වුන මේ දෙන්නා සෙමින් යාළුවන් බවටත් අනතුරුව හොදම යාළුවන් බවටත් අවසානයේදී පෙම්වතුන් බවටත් පත් වෙනවා. විවිධ අවස්ථාවන් වලට එකට එක්ව මූණ දෙන මේ පෙම්වතුන් යුවලට සුරංගනා කතාවක් වගේ නොවන නමුත් ඉතාමත් යථාර්තවාදී අවසානයක් හිමිවෙනවා. ඉතින් චිත්‍රපටිය බලලම ඔවුන්ගෙ ඉරණම විසදෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා මම ආරාධනා කරනවා.

Comments