තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්…

මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුණු, Comedy | Drama | Romance යන කාණ්ඩ වලට අයත් වෙන, Will Gluck අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. Easy A (2010), Anyone But You (2023), Friends with Benefits (2011), Peter Rabbit (2018) වගේ ජනප්‍රිය චිත්‍රපටත් මෙයාගේම නිර්මාණ තමයි. කොහොම නමුත් මේ චිත්‍රපටයට නම් විචාරකයින්ගෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. ඒ වගේම ආරම්භක සති අන්තයේදීම බොක්ස් ඔෆිස් හි ආදායම් වාර්තා අතර සාර්ථක වෙන්න ලැබුණෙත් නෑ. ඒ කොහොම වුනත් ආතල් එකේ බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් මම කියන්න ඕන.
විචාරක ප්‍රතිචාර,
● IMDb අගය: 6.3/10 ● Rotten Tomatoes: 44%
සිනමාපටයේ තොරතුරු,
ප්‍රධාන නළු නිළියන් :
1. Monica Barbaro (ඇලී) 2. Callum Turner (ඕවන්) 3. Maya Hawke (මාලීකා)
ධාවන කාලය : පැය 1යි මිනිත්තු 42යි වියදම : $25 Million මුළු ආදායම : $20 Million
කතාව ගැන පොඩ්ඩක්:
ඇමරිකාව තුල වසරකට එකම එක පාරක් විවාහ නොවුන තනිකඩව ඉන්න අයට ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා ලිංගිකව එකතු වෙන්න රජයෙන් පැය 12ක් ලබා දෙනවා. ඉතිං මේ කාරණය සම්බන්ධව ඕවන් කියන තරුණයාටයි ඇලී කියන තරුණියට ඒ දවස පුරාම මුහුණ දෙන්න වෙන විවිධාකාරයේ සිදුවීම් ගොන්නක් වටා තමයි චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ. ඉතිං ඒ දවසේ අවසානය මොන විදිහට මේ දෙන්නට කෙළවර වෙයිද? බලලම දැන ගන්නකෝ එහෙනම්.
නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ අසභ්‍ය වචන, අඩ නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන යම් තාක් දුරකට අඩංගු වෙනවා. ඒ නිසා මේක කුඩා දරුවන් සමඟ නරඹන්න නිර්දේශ කරන්නේ නෑ. වයස අවුරුදු 18ට වැඩි අයට තමයි වඩාත් සුදුසු වෙන්නේ.

Comments

September 10, 2026

Highly recommended