Cast
Go Full Cast Pageසීමා නැති ආදරේකට, අපි පැටලිලා!
මේ… ඔයාට පාසැල් ප්රේමයක් තිබුනද ?
ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව? එයා එනකන් මග බලාගෙන හිටපු හැටි? එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වලට අහු උණු හැටි? ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි? එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි. ප්රින්සිපල්ගෙන් ගුටි කාපුවා?
එයා දැනගත්තද ඔයා ගැන? ඔයාට ආදරේ කියන්න වෙලාවක් ලැබුනද? එහෙම නැත්නම් මොකෝ උනේ? අහ්හ්, අහන්නම බැරි උනා… ඒ කාලේ ගෙදරට හොරෙන් එයාට කෝල් කරන්න ට්රයි කලේ නැද්ද? ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට හරි?
මතක් උනාද ඒ සුන්දර අතීතේ? තව කොච්චර දේවල් නම් වෙන්න ඇත්ද නේද?
එහෙනම් ඒවා ආයේ මතක් කරගමුද? ආයේ ඒ අතීතෙට යමු ද? නිකන්ම නෙමේ, සොදුරු මලයාලම් සුන්දරත්වය එක්කම.
එතකොට ඒ ආදරේට මොකද උනේ? දිනුවද? පැරදුනාද? ප්රකාශ කරන්න පුළුවන් උනා ද? ඊට පස්සේ මොකද උනේ?
ඔයා ප්රේමම් බැලුවද? 96 බැලුවද?
අන්න ඒ වගේ සුන්දර පාසල් ආදර කතාවක් අරගෙන තමා අද මම ආවේ.
සාමාන්යයෙන් කොල්ලෙක් ලං වෙන්නේ අම්මට. කෙල්ලෙක් තාත්තට. ඒ තාත්තා තමන්ගේ දුවට නිදහස දෙනවා නම්, ඒ කෙල්ලට ඕනේ දෙයක් කරන්න? වර්ෂා කියන්නේ අන්න ඒ වගේ කෙල්ලෙක්.
එතකොට නිතින්… නිතින් අම්මට ලං උනාට එයාගේ තාත්තට ඕනේ නිතින් ඉංජිනේරුවෙක් වෙනවා දකින්න. එතකොට නිතින් ට? එයාට ඕනේ ච්ත්රපටි අධ්යක්ෂක කෙනෙක් වෙන්න. නිතින්ගේ තාත්තට ඕනේ නිසාම නිතින්ව දානවා වෙන ස්කෝලෙකට. ඔව් ඔව්. වර්ෂා ඉන්න ස්කෝලෙට.
ඔතනින් තමා කතන්දරේ පටන් ගන්නේ.
සොදුරු මලයාලම් සිනමාවේ නළුවෝ නිලියේ හඳුන්වලා දෙන්න ඕනේ නෑනේ. අව්යාජ ගැමි සුන්දරත්වය අඩුවක් නැතිවම රුප රාමු වලට අරගෙන තියෙනවා. ඒ වගේම තමා, හොද ලස්සන සින්දු ටිකකුත් මේකේ යනවා. අර නිදහසේ අහන්න පුළුවන් ජාතියේ ඒවා. ඒ සේරමත් එක්කම තවත් එක් සොදුරු මලයාලම් සිනමා අත්දැකීමක් විදගන්න ඔයාටත් ආරාධනා එහෙනම්!
“මේ ලෝකේ, ආදරේ ප්රකාශ කරපු අය එක්ක බලද්දී, නොකියා ආදරේ කරන අය තමයි, වැඩිපුරම ඉන්නේ! “
“මගේ සිහින සේරම වර්ණවත් වෙලා” “සීමා නැති ආදරේකට, අපි පැටලිලා”



